
ඉතින් කොහොමද කස්ටියටම?මේ දවස් ටිකේ හරියට වැඩ හින්දා පොස්ට් එකක් දාන්ටවත් වෙලාවක් නෑ.දන්නවනේ ඉතින් අපිට තියෙන වැඩ.ඒ මදිවට දැන් ඔන්න උ/පෙ ටත් පංති යන්ටත් උනා.ඒවා කියලා අද ශේප් වෙන්ට බෑනේ..
ඔන්න එදා මම පොරොන්දු උනා වගේම කොල්ලො මුහුදට දැම්මහම ඇන්නෑවේ කතාවේ දෙවනි කොටස අරන් ආවා.අද මම කියනට යන්නේ අපි ට්‍රිප් එක ගොහින් ආපු විදිය ගැනයි.
එදා මම කීවා වගේ ඔන්න අපි 3ට 4ට විතර මඩ හෝදගෙන ගෙවල් දොරවල් බලා පිටත් උනා.අපේ එඋන් සේරම හිටියේ කලඩ් කිටට බැහැලා.ඔන්න ඉතින් අපි සිංදු කවි කර කර ආවා.අපේ එකෙක් ඇද ගන්ට ඇදුමක් නැතුව හරි,වෙන මොකක් හරි කේස් එකකට හරි පෝර ඇදගෙන හිටීයේ ටවල් එකක්.අනේ මම දන්නේ නෑ මුන්ගේ ලැජ්ජහා නහරේ කැපුවේ කවුද කියලා.පුදුම එඋන් තමා.ඔන්න ඔය ඩයල් එක කිසිම ලැජ්ජහවක් නැතුව අර ටවල් එක පිටින්ම කඩේකට ගිහිල්ලා ප්ලේන්ටියකුත් ගහලා ආවේ නැද්ද.අන්තිමේට අපිට තමා විලි ලැජ්ජාව අතින් වහගෙන එන්ට උනේ.ඔන්න ඔය අතරේ අපිත් එක්ක ආපු එකෙක් දඹුල්ල හරියෙදි බාහින්ට හිටියා.ඉතින් අපේ එඋන් පොරට ලස්සන සමුගැනීමේ සංග්‍රහයකුත් ලැහැස්ති කරා.වෙන මොකුත් නෙවේ හොදට නාවලා තමා ඒකව අපි දඹුල්ලෙන් බැස්සුවේ.පොර කොච්චර හොදයි ද කීවොත් තමාව නාවපු එවුන්ගේ අම්මලා තාත්තලාට විතරක් නෙවේ හත්මුතු පරම්පරාවටම පිං අනුමෝදං කරල තමා එතනින් පිටත් උනේ.
ඔය අතරේ ඉතින් අපේ ඔය ඉන්නේ නාහෙට අහන්නේ නැති අයියලා ටිකක්.මුන් ටික ඉතින් ශෝ එකටත් එක්ක ඔන්න ෆුට් බෝඩ් එකට බැස්සා.අපේ සරුත් ඉතින් මුනට නොවදිනා වැදුම් වදිනවා ෆුට් බෝඩ් එකේ යන්ට එපා කියලා.කොහෙද මුන් ඒක වම් කනෙන් අහලා වම් කනෙන්ම පිට කරනවා.ඔය අතරෙදි තමා අපේ අයියලා ටික ෆුට් බෝඩ් එකේ ගිහිල්ල්ලා පොලිසියේ අයියලා ටිකකට මාට්‍ටු උනේ.එතනදිත් අපේ අහිංසක සර්ට තමා හොදට අහගන්ට උනේ.වේලාවකට සර් පව් කියලත් හිතෙනවා.මොනවා කොරන්ටද.ඔන්න ඉතින් අපි කොහොම කොහොම හරි අතපය කඩාගන්නෙ නැතුව ඉස්කෝලෙටම ආවා කියමුකෝ.දැන් තමා බරපතලම සීන් එක සිද්ද වෙන්නේ...දැන්නම් ඒක කියන්ට බැහැ..තරහා ගන්ට එපා.ඊලග කතාවේදි මම ඒක ගැන කියන්නම් හොදේ...
ප/ලි
අදනම් කතාව පොඩ්ඩක් චා වගේ කියල හිතෙනවා..මොකද ඔයාලා කියන්නේ?
ඉතින් කොහොමද කට්ටියටම.ගොඩ දවසකින් බ්ලොග් එකට ගොඩවෙන්ට බැරි උනා.කොහෙද ඉතින් මේ කැටියට තියෙන්නෙ එක වැඩක් කියලද.බල්ලො නාවන්න,කොල්ලො නාවන්න රෙදි හෝදන්න.ලේසි පහසුවැඩ ද මේවා.ඔන්න ඉතින් බ්ලොග් එකේ මකුලුදැල් එහෙම පිරිලා ගන්ට දෙයක් නෑ.පැය ගානක් කට්ට කාලා ඒ ටික සුද්ද කරලා ඔන්න ලියනවා අද කතාව.
අද කට්ටියට කියන්ට යන්නේ මම 11 වසරේ ඉගෙන ගත්ත කාලේ ගියානේ ට්‍රිප් එකක්.ඔන්න ඔය ට්‍රිප් එක මට අමතක නොවෙන ට්‍රිප් එකක්.ඉතින් ඒකෙදි සිද්ධ වුන මරු,චාටර්,ෆන් කතා ටිකක් තමා කියන්ට යන්නේ.
ඔන්න ඉතින් අපිත් හාහාපුරා කියලා ත්‍රිකුනාමලේ යන්ට තමා සෙට් උනේ.ඔන්න උදේ පාන්දර එන්ට කිවුව හින්දම ගියා ඉස්කෝලෙට.යකෝ එකෙක්වත නෑ.අඩුම තරමේ අපේ සර්වත් නෑ.ඔන්න ඉතින් 5ට නුවරින් පිටත් වෙන්ට හිටිය අපි දෙයියන්ගෙ පිහිටෙන් 6 වෙනකොට පිටත් උනා කියමුකෝ.ඒත් තව එකෙක් අඩුයි.ඔන්න ටික දුරක් යනකොට අර අඩු එකා කෝල් කරා පොඩ්ඩක් ඉන්ට අපි දැන් මග එනවා කියලා.ඔන්න ඉතින් එතනත් පැයක් විතර ඉදලා හැලිච්ච එවුන් ඇහිදගෙනම් අපි පිටත් උනා කියමුකෝ.එතන ඉදලා දවල් කෑම වෙලාව වෙනකම්ම විශේෂ දේයක් උනේ නෑ.
දවල් කැම එහෙම කාලා අපිටත් දැන් ආසාවේ බෑ නිලාවැලි ගිහින් නාගන්ට.ඔන්න ඉතිං නිලාවැලි යනව කියමුකො.අපේ සර් පුංචි කොස්සක් දැම්මා.නිලාවැලි යනවම් නාන්ට බෑ කියලා.දීපල්ලකෝ උත්තර.අපිත් ඉතින් අර යන්ට ඕනෙ හින්දා හා කිවා මිසක් නාගන්න ආසාව අත ඇරියේ නෑ.ඔන්න නිලාවැලි පේනවා ඈත.කට්ටියම දැන් ඉතින් ශාන්ත දාන්ත තින්ත කූඩු වගේ වෙරලට ආවා.ඇවිල්ලා ටිකක් ඉන්නකොට මෙන්න එක එකා වැටෙන්න පටන්ගත්තා දැන් ඉතින් හමෝම වැටිලා ඇගේ මඩ.ආයෙ ඉතින් ඉබ්බා දියට දැම්මාහම ඇන්නැවේ කීවලු.අපේ එඋන් මඩ හෝදාගන්ට දැන් මුහුදට පැන්නා ස්ර්ටත් කොරන්ට දෙයක් නැනේ.සරුත් ඉතින් ඔහේ බකන් නිලන් හිටියා අපේ එඋන් මඩ හෝදගෙන එනකන්.අපෙ එඋන් කොච්චර හොදට මඩ හේදුවද කීවොත් පැය 3 විතර මඩ හේදුවා.ඔන්න ඔහොමයි අපි නිලාවැලි වලින් මඩ හෝදාගත්තේ.
ප/ලි
මේ ට්‍රිප් එක ගිහිල්ලා මරු වැඩ මාර ගොඩක් උනා. ඒවා ඊලග දවසේ හොදේ..

අද මම කියන්ට යන්නෙ මම 10 වසරේ ඉන්න කාලේ අපේ මුලු පන්තියටම වෙච්ච සීන් එකක්.මට මේ කතාව මතක් උනේ කුකු පැටියගේ "පොත් දීලා තියෙන්නෙ තොපෙ කෑලි අදින්න ද?" කියන පෝස්ට් එක දැක්කට පස්සේ.
අපේ ඉස්කෝලේ ඉන්නවා 'රටහරකා' කියන උද්බිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන සර් කෙනෙක්.මිනිහගේ වැඩේ තමා උදේ පාන්දරම දොරටු පාලකයා වගේ කොන්ඩෙ වැඩි කොල්ලෝ ටික ආපහු හරවලා යවලා තට්ටේ ගාන එක.ඔය සීන් එක හින්දා අපේ කොල්ලෝ සර්ට මාර ආදරේයි.කොච්චර අදරේද කීවොත් සර්ගේ අම්මටයි තාත්තාටයි මදි නොකියන්ට පිං අනුමෝදන් කරනවා.(මම හිතන්නේ සර්ගේ අම්මයි තාත්තායි දැන් නිවන් ගිහින් වෙනට ඕනෙ ඔය පිං බලෙන්ම)
ඔන්න ඉතින් පිහිලි පනිනවා.එහෙනම් ඔන්න කතාව.ඔය රටහරකා සර් තමා අපේ පංතියට සෞඛ්‍යය හා ශාරිරික අධ්‍යාපනේ ඉගැන්නුවේ.ඔන්න ඉතින් එක දවසක් අන්තිම පීරියඩ් එකේ අපිට සෞඛ්‍යය තිබ්බා .ඩයල් එකත් ආවා.දැන් ඔන්න පීරියඩ් එකත් ඉවර උනා.ඉස්කොලේත් ඉවර වෙන්ට බෙල් එක ගැහුවා.එකපාරටම අපේ පන්තියේ එකෙක් අර සර් ගේ විද්‍යාත්මක නම කියල කෑගැහුවා.සර් කාරයට මේක මීටර් වෙලා ආව පන්තියට.පොර ඉතින් දැන් හමෝටම මෙන්න මෙහෙම බනිනවා.'කවුද යකෝ තොපේ අම්මලගේ තාත්තලාගේ නම් කියලා කෑ ගහන්නෙ' කියල.අපිට හිනා.ඇයි යකෝ අපි කිවේ සර්ගේ නමනේ.ඉතින් එතකොට රට හරකා කියන්නෙ සර් ගේ දෙමාපියෝ කියලා අපි සේරම තෙරුම් ගත්තා.එහකොට සර් තමා පොඩි රට හරකා.
ප/ලි
මට හිතෙනවා මේ කතාව මහ චාටර් කියලා...එහෙමද?
ඔයාලගේ අදහස කියන්න.

ඔන්න ඉතින් අදත් කුකුලටත් ඇහැරවගෙනම ආවා පොඩි කතා පොජ්ජක් කොටාබාන්ට.(අද උදේ පාන්දරම වැද්දෙක්ගේ ඇගේ හැප්පුනා).මම මේ කියනට යන්නෙ අර කොළබ Camp එක ගිහින් එනකොට අපේ සීනියර් අයියා කෙනෙක්ට වෙච්ච චොර කේස් එකක්.ගියපාර කතාවේ හිටපු අයියාටම තමා මේක සිද්ද උනේ.(පවු නේද පොර).
ඔන්න අපි ඔය Camp එකට ගියෙත් ආවෙත් කෝච්චියේන්.මේක සිද්ද උනේ අපි එනකොට.ඔන්න ඉතින් අපි කොළබ ඉදලා එනකොට කඩුගන්නාව ස්ටේශන් එකේදි කෝච්චිය පොඩ්ඩකට නැවත්තුවා.අපිත් ඉතින් පොඩ්ඩක් බැහැලා පරිසරේට විනාඩියක් එහෙම කොරලා ඉතින් කෝච්චිය යන්ට යනකන් පොඩි කයියක් දාගන හිටියා.
ඔය අතරේ කෝච්චියෙ හිටපු සීයා කෙනෙක්කුත් බැහැලා සුද්දෝ ඩබලක් එක්ක පම්පොරි ගහනවා.ඔන්න ඉතින් කෝච්චිය යන්ට හෝන් එක ගැහුවා.අපිත් ගිහිල්ලා දඩි බිඩි ගාලා නැග්ගා.ඔන්න ඉතින් අර අපේ කතවේ ප්‍රධාන චරිතේ දැන් තමා කතාවට එන්ටර් වෙන්නේ.පොරත් ඉතින් ඔන්න කෝච්චියට නගින්ට යනකොට අර සීයා කාරයාත් ආවා නගින්ට.ඉතින් අපේ පොර වැඩිහිටියට මුල්තැන කියලා අර සීයට නගින්ට දුන්නා.ඔන්න සීයා නගිනකොට මේකා කීවේ නැද්ද කට කැඩිච්ච කතාවක්."බලාගන සීයා කකුල ලිස්සලා වැටේයි"කියලා.මෙන්න මේක කියලා කට වහගන්ට හම්බවූනේ නෑ සීයා කියපි "ඈ..මොකද්ද යකෝ කිවේ,මම වැටෙන්න,පලයන් පලයන් ප** යන්ට"කියලා තව හොද දෙකක් කීවා.(ඒවා මෙහෙම ප්‍රසිද්දියේ කියන්ට බැ බොල)
ඉතින් අපේ එඋන්ට හිනා කාලා මැරෙනවා.අරුටනම් ඉතින් විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.පොර ඉතින් නුවරින් බහිනකන් විලිලැජ්ජාව අතින් වහගන ආවා.මටනම් දුකේ බෑ.කොහොමද සීයත් මරු පොර නේද?
ප/ලි
සීයගේ මුනුපුරෝ ගැන මට හිතගාන්ට පුලුවන්...නේද? ආ..මේකට ගැලපෙන Photo එකක් හම්බ උනේ නෑ.

කොහොමද ඉතින් අපේ කස්ටියට?මම හිතනවා කට්ටිය සුවෙන් සැපෙන් සතුටෙන් ඇති කියලා.අද මම මේ කියන්ට යන්නේ මට එහෙම වෙච්ච චාට්ර් චොර පජාත් සීන් එකක් එහෙම නෙවේයි ඔන්න.මේකත් අර අපි කොහෙද නින්දෙන් ඇවිදින්නෙ? Post එක ලියනකොට තමා මතක් උනේ.මේකත් මම Scouting කරන කාලේ සිද්ද වෙච්ච මහ චොරා සීන් කෝන් එකක්.(මතක් වෙනකොටත් විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුව)කමක් නෑ විලිලැජ්ජාව අතෙන් වහගෙන හරි මම කතාව කොටාබාන්නම්කෝ.
ඔනා අර එදා කිවා වගේම Camp එකක් යන්ට අපිට සෙට් උනා.හැබැයි මේක තිබ්බේ කොළබ විහාර මහාදේවි පර්ක් එකේ.ඔය Camp එකට මුලු මහනුරිනම ගියේ අපේ ඉස්කෝලේ විතරයි.හ්ම්..ලේසි පහසු වැඩක්ද කොළබ යනව කියන එක.ඔන්න ඉතින් වටේ යනවා එහෙනම් කතාවට බහිමු..(බහින්ට කීවට මේක වලක් එහෙම නෙවේ)
ඔන්න ඉතින් අපිත් අනුනායක මහනායක කටුනායක වගේ ගියා Camp එකට.ඔන්න ඉතින් දෙවනි දවස.එදා හවස අපිට තිබ්බ පොඩි ගිනිමැල සන්දර්ශනයක්.ඉතින් අපේ ඉස්කෝලෙටත් කීවා මොකක් හරි නාට්ටියක් ලැහැස්ති කොරගන්ට කියලා.ඉතින් අපිත් දන්න සෙල්ලන් දාල ඔන්න නාට්ටි කට්ටක් හදාගත්තා කියමුකෝ.ඔන්න ඉතින් දැන් සෙල්ලම් පෙන්නන වෙලාව.දැන් නාට්ටිය දුවනවා.ඔය නාට්ටියේ අන්ත්මේට තිබ්බා අපි හැමෝටම බැනලා එලවන සීන් එකක් එක කරන්ට තිබ්බේ අපේ සීනියර් අයියා කෙනෙක්ට..ඔන්න ඉතින් ඔය තිරනාත්මක ,පජාත, කුක්කු පැටියගේ භාෂාවෙන් කීවොත් විසිල් එකයි බල්ටි දෙකෙයි තැනට ආවා.ඔන්න දැන් පොර බනින්ට යන්නේ..ඔන්න ඔන්න ඔන්න...."තොපි සේරම පලයවු හු**** පුතාලා" කියලා අර යකඩ කටෙන් කෑ ගැහුවෙ නැද්ද අර 500 විතර මහ සෙනග මැද්දේ.
අපිට ඉතින් උන් හිටි තැන් අමතක උනා.වැටවල් උඩින් හිටන් පැනලා දිවුවේ නැද්ද නිකන් සුස්න්තිකාගේ මල්ලිලා ටික වගේ.ඊට පහුවදාම අපි Camp එකේ සිකුරිටියටවත් කියන්නෙ නැතුව ආව එන්ට ගෙදර.
ප/ලි
වෙනදා කියන ටිකම තමා කියන්න තියෙන්නෙ...Comment එකක්දාලා යන්ට හොදේ...
මට කියන්ටකො මෙකෙ කොහොමද අබ බයන්න ගහන්නෙ කියල....
කුලුදුලේ දුටු
ආදරේ පැහැය
සැමදා රැදුනා
මා සිත පතුලේ
කියා ගන්නට
බැරිව ආදරේ
විදවයි මම
මැරි මැරි මෙලෙසේ
ඔබ අන් සතුයැයි
පවසයි මා සිත
එය ඇත්තක් දැයි
නොදනී මා සිත
එය දැන ගන්නට
වැලපෙයි සැම දින....
ප/ලි
මේක ගොඩක් අයට උන දෙයක් කියල මම හිතනවා...
ඔන්න ඉතින් තවත් අලුත් අවුරුද්දක් උදා උනා.අපේ ජීවිතේ අලුත් කරගන්ට තවත් අවස්තාවක්.අද මම වැඩි දුර කතා කරන්ට යන්නෙ නෑ.හැම කෙනාගෙම හිතේ පැතුම් ඉටුවන 120ට 220ක් ආයුබෝ වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
ප/ලි
ඇත්තටම මේපාර අවුරුද්ද මෙලෝ රහක් නැද්ද?..ඔබේ ප්‍රතිචාර දක්වන්න.

ඔන්න ඉතින් කොහොමද කට්ටියටම.අදනම් ඔන්න කතාවක් නෑ.(ඔන්න ඉතින් යන්ට එපා මෙකත් කතාවක් වගේ තමා)මතකනේ මම ඊයෙ දැම්ම පොස්ට් එක.සිල්වෙස්තරය වෙනුවෙන් යමක් කරමුද?අන්න ඒකෙන් මම ඉදිරිපත් කරපු යෝජනාව ඉස්තිරවෙලා ක්‍රියාත්මක වීම ගැන තමා කියන්ට යන්නේ.
ඉතින් මම ඊයේ කීවා වගේම අපේ සිල්වෙස්තරය වෙනුවෙන් යමක් කරන්න පුලුවන් වුනු එක ගැන පුංචි අහින්සක සතුටක් හිත ඇතුලේ තියෙනවා.මමත් පොර වගේ කියවනවා.මොකද්ද අපි කරේ කියලා කීවෙ නෑනේ.අපි සිල්වෙස්තරයේ බ්ලොග් ලියන සහෝදරයෝ ටික එකතු වෙලා මුහුනු පොතේ "සිල්වෙස්තර බ්ලොග් සංසදය" නමින් පුංචි Group එකක් පිහිටෙවුවා.මෙන්න ඒකට පාර.ඉතින් මේ වැඩේට අපේ කුක්කු පැටියා,බීටා,ලකී,ටික්කා,කියන කට්ටියම ගොඩක් මහන්සි වෙලා ඇප කැප වෙලා තමන්ගේ උපරිම සහයෝගය දුන්නා.එයාලටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේක දියත් කරාට.එ වගේම අපේ මේ පුංචි ආරම්බය කවදාහරි ලොකු දේක ඇරබුමක් වෙයි කියලා අපි හැමෝම හිතනවා.එහෙනම් අපේ "සිල්වෙස්තර බ්ලොග් සංසදය" ට ඔයාලගෙත් සහයෝගය ලබා දේවී කියලා අපි හැමෝම හිතනවා.මම එහෙනම් නවතින්නම්.
ප/ලි
තව එකක් තියෙනවා කියන්ට මුහුනු පොතේ තියෙනවා අපේ Fan page එකක්. එකටත් පුංචි සහයෝගයක් දෙන්න.මෙන්න ඒකට පාර

ඔන්න අදනම් මම කියන්ට යන්නේ කතාවක්,කවියක්,සිංදුවක්,නිසදැසක් එහෙම නෙවේ.අපේ මේ බ්ලොග් කෙරුවාව ගැන පුංචි විස්තරයක්.මට මේ බ්ලොග් ලියන එක ගැන පුංචි හරි කැමැත්තක් ඇති උනේ මම 10 වසරේ ඉගෙන ගන්න කාලෙ තමා.ඉතින් ඔය ආසාව හිතේ තියාගන කාලයක් හිටියා.ඔන්න ඉතින් O\L එහෙම ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්නකොට අපේ යාලුවෙක් උන බිටා මලයා සිතෙහි සිතුවම් කියලා පුංචි පහේ (පුංචිත් නෑ) බ්ලොග් එකක් පටන් අරන්.එතකොටම අපේ පසිදු මලයත් මනසේ සිරි පටන් අරගෙනෛ තිබ්බේ.ඕක දකිනකොට මටත ඔය පුංචි කැහිල්ලක් පටන් ගත්තා බ්ලොග් ලියන එක ගැන.ඉත්න් ඔන්න ඔය කැහිල්ලේ ප්‍රතිපලයක් තමා මේ කැටියගේ නවාතැන.ඒ විතරක් ද අපේ අප්පේ දැන්නේ මතක් උනේ. ඇයි අපේ කුක්කු පැටියා,පොරත් ලියනවා බ්ලොග් එකක් හිනාවෙන්න ආසයිද? එතකොට ටික්කා, ලකී මලයා කරන ලකියගේ අඩවිය.තව ඉතිං එකි මෙකි නොකි කට්ටිය ගොඩායි.
මෙතන තියෙන විශේෂ කාරනාව තමා මම මේ සදහන් කරන සේරම බ්ලොග් කරුවන් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ 2013 A/L පන්තියේ කට්ටිය.මම හිතන්නෙ නෑ කට්ටිය මාත් එක්ක තරහා වෙයි කියලා මේව ගැන කීවට.ඉතින් මම පොඩි යෝජනාවක් ගේනවා අපේ මේ බ්ලොග් ලියන යාලුවෝ දෙතුන්දෙනාට.අපි තුන් හතර දෙනා විතරක් මෙහෙම බ්ලොග් ලියන්නේ නැතුව අපේ ඉස්කෝලේ තව ඉන්නව නේද බ්ලොග් ලියන කට්ටිය.අපි සේරම ඉතින් එකතුවෙලා මුහුනු පොතේ Fan Page එකක් එහෙම හදලා අපේ ඉස්කෝලෙ වෙනුවෙන් දෙයක් කරන්න බැරිද? සිල්වෙස්තරයේ බ්ලොග් ලියන අයියලා මලිලා සෙර්ටම එක Group එකක් විදියට පුන්චි දෙයක් කරමුද? අපේ ඉස්කෝලේ නම ගෙනියන්ට දෙයක් කරමුද? කියන එක තමා මගේ යොජනාව.මම හිතනවා මේකට ඔයාලා හැමෝම හොද උත්තරයක් දේවි කියලා..
ප/ලි
මගේ මේ යොජනාව ගැන ඔයාලගේ අදහස කියන්න හොදේ....අපේ අප්පා අද ලින්ක් ගාන වැඩී නෙද?

මුලින්ම සමාව ඉල්ලනවා ගොඩ දවසකින් Post එකක් දාන්න බැරි වීම ගැන.කොහෙද ඉතින් අපිත් ආයෙ බිසී මිනිස්සුනේ.හික්ස්..මම නොදන්න බිසිය..ඔන්න අදත් මම අරගෙන ආවා මරු කතාවක්.මේක මම Scouting කරන කාලේ වුනු සීන් එකක්.(ඔන්න ඉතින් දන්නෝ දනිති මම Scouting කරපු විදිය.)ඔය Scouting වල තියෙනවනේ එලිමහන් කදවුරු කියල ජාතියක්.ඉතින් ඔන්න අපිටත් සෙට් උනා ඔහොම එලිමහන් කදවුරක්.මෙක තිබ්බේ පල්ලෙකැලේ.ඉතිං අපේ ඉස්කෝලෙත් ඕකට සහභාගි වුනා.මේකට ඉතින් මහනුවර තියෙන හැම ඉස්කෝලෙකින්ම Scoutලා ආවා.මේ Camp එකට කියන්නෙ කැම්බරි කියලා.ඔන්න මම කතාවේ පසුබිම හැදුවා.දැන් එහෙනම් කතාව.
Camp එකේ දවස් දෙකක්ම දැන් ඉවර උනා.දෙවනි දවසේ රැ ඉස්සේල්ලාම ඩියුටි තිබ්බේ (ඩියුටි කියන්නේ ඔය Camp දිහා ඇහ ගහගන ඉන්න එක තමා).එතකොට වෙලාව 11ට විතර ඇති.කට්ටිය සේරම නිදි.මාත් එක්ක තව පොඩි එකෙකුයි අයියා කෙනෙකුයි හිටියා.ඔන්න අපි කයියක් දාගන හිටියා.ඔහොම ටික වෙලාවක් ඉන්නකොට කූඩාරම ඇතුලේ ඉදලා අපේ එකෙක් එලියට ආවා.(අපි පොරට ආදරේට කියන්නේ පෙට්ටියා කියලා)දැන් නම් ගොඩක් කට්ටිය දන්නවා ඇති මම මේ කියන්නේ කා ගැනද කියලා.මම ඉත්න් ගිහින් බැලුවා මොකද යකෝ පොර එලියට පැන්නේ කියලා.
මම - ඇයි බං එලියට ආවේ හොදට නිඩියපන්කෝ ගිහිල්ලා.උබ නින්දේන් එහෙම නෙවේ නේ?
පෙට්ටියා - පිස්සුද බන් අපි නියම කොල්ලෝ,අපි කොහෙද නින්දේන් ඇවිදින්නේ?
ඔහොම කියපු එකා මෙන්න බොලේ වෙන ඉස්කෝලෙක Camp එකක් අස්සේ රින්ගනවා.ඕක දැකපු මාත් එක්ක හිටපු අයියා අපේ පෙට්ටියට දුන්නේ නැද්ද අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න කනේපාරක්.අනේ බලනකොට සිරාවටම පොර ඉදලා තියෙන්නේ නින්දෙන් තමා.අර කනේ පාරට තමා පොර ඇහැරුනේ.හොද වේලාවට පොර නින්දෙන් හිටියේ නැත්තම් අර අයියගේ අම්මා පව් නේද?
ප/ලි
ඔන්න post එකක් දාන්න පරක්කු උනාට මම දෙවනි පාරටත් සමාව ඉල්ලනවා...මතක් කරල Comment එකක් දාල යන්න...
මා ලොව තනි විය
මා හැර ගිය දා
මා හැර කිම ගියේ
දුක් දී හඩවා
හසරැල් බැදුනත්
ගිනිගයි මා සිත
මා හට දුන් ඒ
පොරොන්දු කොයි වෙද
අද ඔබ වෙනෙකෙකු
හා අත් පටලා
මා රිදවයි ඒ
නෙත් දුටු දසුනෙන්
මෙලෙසින් නොකරන්
සෑම අයෙකු හට
විදවිය නොහැකිය
අන්සතු වීමක්.......
ප/ලි
Comment එකක් දාල යන්න......
ගොඩ දවසකින් බ්ලොග් එකට ලිපියක් දාන්න බැරි උනා...මේ දවස් ටිකේ හෙන බිසී අප්පා.අනික මාර කම්මැලී.කම්මැලී කියලා කොහොමද Post එකක් දාන්නත් එපායැ.ඇත්තම කීවොත් මේකයි සීන් එක.ඔය නුවර ඉන්න කට්ටියනම් දන්නවා ඇති.වෙන මොකුත් නෙවේ කන්ද උඩරට සුරතලුන්ගේ සංග්‍රාමය පහුගිය 1,2,3 කියන දවස්වල පල්ලෙකැලේ හා අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගන වලදි පැවත් වුනා.ඉතින් අපේ ඉස්කෝලේ Big Match එක තමා ඔය.ඒකට නොගිහින් කොහොමද.අන්න ඒක හින්දා තමා අලුත් ලිපියක් දාන්න බැරි උනේ..ඉතින් ඔන්න ඒකට සමාව ඉල්ලනවා...එහනම් අදට නවතිනවා.අලුත් ලිපියක් එක්ක මුන ගැහෙමු. ප/ලි
අනේ ප/ලි එකට දාන දෙයක් අද නෑ..

ඉතින් කොහොමද කට්ටියටම.එදා මතකනේ ශාලාධිපතිට LTTE එකෙන් ගහපු හැටි ගැන කිවා.ඔන්න එක කියවපු නැති කට්ටිය මෙතනින් ඒක කියවන්න.සිංග්‍රිසි එකෙන් Type කරල අදත් ඔන්න ගෙනාවා නියම කතාවක්.කතාවක් කිවට කතාවක් කීවට කතාවක්ම නෙවේ.මම 10,11 පංති වල ඉන්නකොට කරපු වැඩ වගයක් ගැන තමා කියන්න යන්නෙ.මෙකෙ ඉන්නෙ මම විතරක්ම නෙවේ.
මම 10 වසරෙදි හිටියෙ මරු ඩබලක් එක්ක.අපි උන් දෙන්නට කියන්නෙ YT , Jake කියලා.(දැන්නම් ගොඩක් කට්ටිය දන්නවා ඇති මම මේ කියන්නෙ කා ගැනද කියලා).මමත් හිටියෙ ඔය පිස්සො දෙන්න එක්ක තමා.ආආආ.........එතකොට පිස්සො තුන්දෙනයි නේද?
ඔන්න ඉතින් එක දවසක් අන්තිම කාලච්චේදේ අපිට තිබ්බෙ ඉතිහාසය.අපි තුන්දෙනා තමා පංතීයේ අන්තිම පේලියේ හිටියේ.(දන්නවනේ අන්තිම පේලියේ ඉන්න අයගැන)අපි ඉතිං ඉතිහාසය පිළිබදව පස්චාත් උපාධි ධාරියෝනේ.ඉතින් මැඩම් උගන්නනවා අපි මෙහෙ ලිද ලග සංගමේ පටන් ගත්තා.ඔන්න ඉතින් ඉස්කෝලේ ඉවර වෙන්න තව තියෙන්නෙ විනාඩි 10යි.අපි 3 දෙනා ඉතින්.පොත් එහෙම බෑග් එකට දාගන ඉන්නවා Green ලයිට් එක පත්තු වෙනකන්.(Green ලයිට් එක කිවෙ Bell එකට).ඔන්න ඉතින් අපි අහන්න ආසම අකරපු අර ලස්සන සද්දෙ ඇහුනා.අපි තුන්දෙනා දුන්නෙන් මිදුනු ඊතල වගෙ නැගිට්ටෙ නැද්ද.නැගිට්ට ගමන් තේරුනා මොකක් හරි කෝන්සීන් එකක් තියෙනව තමා කියලා.බලනකොට පංතියේ එකෙක්වත් තාම නගිටල නෑ.අපි තුන්දෙනා විතරක් හිටගෙන ඉන්නවා.පංතියම අපි දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා.ඒ මදිවට මැඩමුත් බලාන ඉන්නෙ හරියට අපි මැඩම්ගෙ දුව ඉල්ලුව වගේ.අනේ මැඩම් එයාගෙ සුමිහිරි වදන් පිට කරන්න ගත්තෙ නැද්ද."ආ....ඔය මෙචචර වෙල අහගෙන ඉදල තියෙන්නෙ"මම ඔය දැම්මෙ ටිකක් විතරයි.
එදායින් පස්සෙ කවදාවත්ම අපි ජාතික ගීයටවත් නැගිට්ටෙ නැ..
ප/ලි
මම ඔය දාලතියෙන ඔරලෝසුවේ සද්දේ වැඩිනම් ඔය තත්පර යන තැන උඩ කොටන්න .එතකොට සද්දේ නවතිනවා.
Comment එකක් දාල යන්න හොදේ.

ඔන්න අදත් ඉතින් අලුත් කතාවක් අරගෙන ආවා.(අලුත් කිවට අලුත්මත් නෑ)කට්ටිය හොදට දන්න කතාවක්.නොදන කට්ටිය වෙනුවෙන් තමා මම මේ ලියන්නෙ.හරි මේකනම් 18+ කතාවක්.ඔය ඔතන ඉන්න 18 අඩු අය දුවල යන්න.ගිහිල්ලා අයියලාට දෙන්න.අයියලා නැති කට්ටිය අක්කලාට එහ්හෙම කියන්න එපා.ඔය ඔතන ඉන්න කුක්කු පැටියා Computer එක Off කරල දාන්න.තාම 18ට අඩුයි නේද?(අප්පට සිරි මමත් එහෙමයි නේද) එහෙනම් කුක්කු පැටියා ඔයා ඉන්න කමක් නෑ.ඔන්න මම Track පනිනව.ඔන්න එහෙනම් කතව.මේකේ ප්‍රධාන චරිතේ අපි හොදට දන්න
ඇන්ඩර්සන්.
ඔන්න එකමත් එක දවසක ඇන්ඩගේ නැන්ද කෙනෙක් රට ඉදල ආවලු.දැන් උනත් ඉතින් කවුරුහරි රට ඉදල එනකොට තමන්ගෙ නෑයන්ට තෑගී ගේනවනේ.ඉතින් ඇම්ඩගේ නැන්දා ඇම්ඩට ගෙනාවලු රොබෝ කෙනෙක්.මේ රොබෝ ටිකක් විශේෂ රොබෝ කෙනෙක්ලු.මොකද කවුරුහරි බොරුවක් කිවොත් අර බොරුව කියපු කෙනාට ගහනවලු අම්මා තාත්තා මතක් වෙන්නම කනේ පාරක්.(අපෙ අප්ප නිකන් දුන්නත් එපා නේද එහෙම රොබෝකෙනෙක්,කනේ පරවල් කාලම අර මොකේටද අහුවුන කජු ලෙල්ල වගේ වෙයි නේද).
ඉතින් ඔහොම කාලයක් ගියාලු.ඔය රොබොගෙන් ඇම්ඩ කනේපරවල් එහෙම කැවෙ නැත්තෙත් නෑ.එක දවසක් තමා මරුම සීන එක උනේ.ඔන්න ඇම්ඩා දවසක් ටියුෂන් Class එකෙන් වලබැහැලා(ඔව් ඔව්...Class cut කරල තමා,නේද නවීන්)Film එකක් බලන්න ගිහිල්ලා.එකත් ඉතින් ආයෙ මේ 18+ Film එකක්.ඔන්න ඉතින් පොර ගෙදර එනකොට රැ උනාලු.ඉතින් ඇම්ඩගෙ තාත්තා ඇහුව "කොහෙද උබ ගියේ?"කියලා.දැන් ඉතින් දීපල්ලකෝ උත්තර. ඇම්ඩ කියපි "මම මේ......Class ගියා කියලා"අනේ ඒක කියලා කට වහගන්න බැරි උනා.වැදුනෙ නැද්ද රොබෙගෙන් කනේ පාරක් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න.දැන් ඉතින් ඇම්ඩ Full ඩිම්.මම මෙතනින් එහාට දෙබසක් විදියට කියන්නම්.
තාත්තා - ආ.......දැ ඉතින් බොරු කියන්න බෑ පුතේ කියපන් ඇත්ත.
ඇම්ඩා - මම ගියේ ෆිල්ම් 1 බලන්න.
තාත්තා - මොකද්ද බලපු ෆිල්ම් එක?
ඇම්ඩා - අලි පැටියෝ ඔයයි මමයි
(අනේ වැදුනෙ නැද්ද කන පුරුවල තෑගි අර රොබෝගෙන්)
තාත්තා - මට ඇත්ත කියපන් උබ බලන්න ගියේ 18+ ෆිල්ම් එකක් නෙද?
ඇම්ඩ - ඔ..ඔ...ඔව්
තාත්තා - අනේ තොට ලැජ්ජහ නැද්ද යකෝ ඔවා බලන්න.අපිවත් ඔය වසට ඕව බලල නෑ....(ඩාං............)
(තාත්තාටත් තෑගී දෙන්න රොබෝ අමතක කරේ නෑ,ඔය සීන් කෝන් එක දැක්ක අම්මත් කියපි මරු කතාවක්)
අම්මා - තාත්තාගෙම පුතානේ
(අනේ....අර අහිංසක අම්මට දුන්නෙ නැද්ද කනේ පාරක් සිහිය නැති වෙන්න දවස් 7ක්)ගැහුවෙ කව්ද කියල දන්නවනේ.(ඔව් ඔව් අන්න එයා තමා)
ප/ලි
මේ කතාව හොද නැත්තම් එහෙම කියන්න මම ආයේ මේ වගේ එවා නොදා ඉන්නම්.
වෙනද වගේම Comment එකක් දාල යන්න.
එදා මාගේ ලයට ගුලි වී
කිවු ආදර වදන් අද නැත
මගේ දෙසවන සෙවු ඒ හඩ
මංමුලා විය පාලු කතරක
දෙනෙත සොයන ඒ ඔබේ රුව
අතුරුදන් විය නොසිතු විලසට
ඔබේ සුවදට මංමුලාවු මගේ සිත
අද ගිනි ගොඩක් විය
මා කෙරූ ඒ වරද කිම විය
කදුලු සමගින් මා තවන්නට.........
ප/ලි
මෙච්චර දවස් කත ලියපු මම නිසදැස් ලියන්නත් පටන් ගත්තා.
මම මේ ලිපිය ලියන්නෙ පොඩි හදිසසියකින්.මට මේ මතක් උන ගමන් තමා මේ ලියන්නේ.ඔය සිංහල භාශාවෙන් බ්ලොග් ලියන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.ඔයාල දැක්කද අර කුක්කු පැටියගේ බ්ලොග් එකේ සම්හරක් තැන් වල පුංචි 0 එහෙම වැටිල තිබ්බා. එකට හේතුව තමා යුනිකෝඩ් එසැනින් පරිවර්තකයේ තියෙන ප්‍රශ්නයක්.අන්න ඒ ප්‍රශ්නයට උත්තරයක් තමා මම අරන් ආවේ.මම අන්තර්ජාලයේ සැරි සරනකොට තමා මෙක හම්බ උනේ.මෙක පොඩි Softwear කෑල්ලක්.
ඒකෙ නම සිංග්‍රිසි (Singreesi).මමත් පාවිච්චි කරන්නේ ඔය Software එක තමා.මෙන්න මෙතනින් ඔය කැමති කට්ටිය පෝලිමේ ඇවිත් බාගන්නකො.එක විතරක් නෙවේ ඔය Software කැල්ල වැඩ කරන්න Microsoft net freme work එක ඔනේ.එකත් මෙන්න මෙතනින් පෝලිමට ඇවිත් බාගන්න.ඔන්න ඉතින් දැන්නම් කට්ටියගෙ බ්ලොග් වල 0 නැතිවේවි කියල හිතනවා.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මම මේ ලොකු පොර වගේ මේක දුන්නට මේ Software එකෙ අයිතිකරය මම නෙවේ.මෙකෙ අයිතිකාරයා තමිරගේ තීරය ලියන තමිර අයියා.එයාටත් බොහොම ස්තුතිවන්ත් වෙන්න ඔනේ.එහෙනම් හදිස්සියේ ලියපු මේ ලිපිය මෙතනින් නව්ත්තනවා.මේකෙන් ඔයාලට උදව්වක් උනානම් පොඩි Comment දාල Help එකක් දෙන්න. ප/ලි
ප/ලි කැල්ල නැගල යනව නේද?
මේක ගැන මොකක් හරි ප්‍රශ්නයක් උනොත් Comment මාර්ගයෙන් අහන්න.මම ලොවෙත් නැති වෙන්න කියල දෙන්නම් උත්තර.

ඔන්න මම බ්ලොග් එකට දාන පලවෙනි ලිපිය.මේ කට්ටිය බලනවා ඇති මේකෙ තියෙන Photo එකයි මාතෘකාවයි ගැලපෙන්නෙ නෑනෙද කියලා.Post එක කියවන්න එතකොට හොදට තේරේයි.කනම් Funny කතාවක්.මේක සිද්ධවුනේ මම O/L කරන දවස්වල.හැබැයි මේක මට උන දෙයක් එහෙම නෙවේ.කතව කියන්න කලින් කතාවේ පසුබිම එහෙම කියල ඉන්නම්කෝ.
මම O/L කරේ 2010 දෙසැම්බර්වල අපේ ඉස්කෝලෙම තම තිබ්බේ.ඉතින් අපිට හිටපු ශාලධිපථි මරු පොර.පොර තමා ඉතින් අපේ Bite එක.මම හිතන්නෙ පොර කාලගෝලගේ නෑයෙක්ද කොහෙද,මිනිහ ඒ තරමටම උසයි.ඔන්න දැන් කතාවට බහිමු.
ඔන්න අපිට සිකුරාදා දවසක විභාගේ තිබ්බා.ඔයාල දන්නවනේ ඉතින් සිකුරාදට අපේ මුස්ලිම් සහෝදරයෝ පල්ලි යනව කියල.ඉතින් ඔන්න උදේ තිබ්බ ප්‍රශ්න පත්ත්‍රය ඉවරවෙලා 12 ට විතර මුස්ලිම් ළමයි ටික පල්ලි යැව්වා.අපිට ඉතින් full ජොලි.ඇයි යකෝ පැය 2ක්ම ඉන්ටර්වල්.ඔන්න ඉතින් දැන් තමා මරුම කැල්ල.අපෙ ඉස්කොලෙ තට්‍ටු 2යි.අපිට ඉති ඔය කැම එහෙම කාල ශරිර කෘත්තිය එහෙම කරන්න පහල තට්‍ටුවට යන්න ඔනෙ.ඔන්න අපේ කොල්ලෙක් උඩ තට්‍ටුවෙ ඉදල පහල තට්‍ටුවෙ ඉන්න කොල්ලෙක්ට මෙහෙම කෑගෑහුවා "මචන් මේ වතුර බොතලෙට වතුර එකක් පුරවල උඩට විසි කරපන් කෝ" කියල.ඉතින් පහල හිටපු එකා අර බොතලෙට වතුර එකක් පිරේව්වා.පහල හිටපු එකා ඉතින් කිව්වා වගේම තියෙන සෙරම පුරුෂ ශක්තිය දාල අර බොතලේ උඩ තට්‍ටුවට විසි කරා.
ඩාං.........................
අනේ අර වතුර බොතලේ ගිහිල්ලා අර අපේ කතාවෙ ප්‍රධනියා වෙච්ච ශාලධිපථිතුමාගේ ඔලුවටම වැදුනෙ හරියට LTTE එකේ මල්ටි බැරල් එකක් වගේ.පොරට හිටපු තැනත් අමතක උනා.අනේ අර වටේ හිටපු අහිංසක කොල්ලන්ට පොර දුන්නෙ නැද්ද 6 පරවල් ටිකක්.සන්ත් ජයසූරිය කැලේ.හැබැයි අපරාදේ කියන්න බෑ අපේ ශාලධිපථිගේ මව්තුමියටනම් නිවන් යන්ට තරම් පිං අනුමෝදන් කරන්න තරන් අර ගුටි කපු කොල්ලෝ කරුනාවන්ත උනා.අනේ අර බොතලේ විසිකරපු කොල්ලයි,බොතලේ අයිතිකාරයයි විභාගේ ඉවර වෙනකන් හොයාගන්න බැරි උනා.ඔන්න ඕකයි අද කතාව.
ප/ලි
ඉතින් ඔන්න මම මගේ පලවෙනි ලිපිය අද පල කරා.වෙනදා වගේම මගේ මේ ලිපියට පොඩි Comment එකක් දාල Help එකක් කරන්න.
දැන් කට්ටියටම තේරෙනවා නේද Photo එකයි මාතෘකාවයි අතර තියෙන ගැලපිම.
ඔන්න මම මුහුනු පොතේ කැටියගේ නවාතැන Page එකක් දැම්මා.මෙන්න ඒකට පාර.