3 ආ....ඔය මෙචචර වෙල අහගෙන ඉදල තියෙන්නෙ

Wednesday, March 30, 2011
                                                                        ඉතින් කොහොමද කට්ටියටම.එදා මතකනේ ශාලාධිපතිට LTTE එකෙන් ගහපු හැටි ගැන කිවා.ඔන්න එක කියවපු නැති කට්ටිය මෙතනින් ඒක කියවන්න.සිංග්‍රිසි එකෙන් Type කරල අදත් ඔන්න ගෙනාවා නියම කතාවක්.කතාවක් කිවට කතාවක් කීවට කතාවක්ම නෙවේ.මම 10,11 පංති වල ඉන්නකොට කරපු වැඩ වගයක් ගැන තමා කියන්න යන්නෙ.මෙකෙ ඉන්නෙ මම විතරක්ම නෙවේ.
                                                                          මම 10 වසරෙදි හිටියෙ මරු ඩබලක් එක්ක.අපි උන් දෙන්නට කියන්නෙ YT , Jake කියලා.(දැන්නම් ගොඩක් කට්ටිය දන්නවා ඇති මම මේ කියන්නෙ කා ගැනද කියලා).මමත් හිටියෙ ඔය පිස්සො දෙන්න එක්ක තමා.ආආආ.........එතකොට පිස්සො තුන්දෙනයි නේද?
ඔන්න ඉතින් එක දවසක් අන්තිම කාලච්චේදේ අපිට තිබ්බෙ ඉතිහාසය.අපි තුන්දෙනා තමා පංතීයේ අන්තිම පේලියේ හිටියේ.(දන්නවනේ අන්තිම පේලියේ ඉන්න අයගැන)අපි ඉතිං ඉතිහාසය පිළිබදව පස්චාත් උපාධි ධාරියෝනේ.ඉතින් මැඩම් උගන්නනවා අපි මෙහෙ ලිද ලග සංගමේ පටන් ගත්තා.ඔන්න ඉතින් ඉස්කෝලේ ඉවර වෙන්න තව තියෙන්නෙ විනාඩි 10යි.අපි 3 දෙනා ඉතින්.පොත් එහෙම බෑග් එකට දාගන ඉන්නවා Green ලයිට් එක පත්තු වෙනකන්.(Green ලයිට් එක කිවෙ Bell එකට).ඔන්න ඉතින් අපි අහන්න ආසම අකරපු අර ලස්සන සද්දෙ ඇහුනා.අපි තුන්දෙනා දුන්නෙන් මිදුනු ඊතල වගෙ නැගිට්ටෙ නැද්ද.නැගිට්ට ගමන් තේරුනා මොකක් හරි කෝන්සීන් එකක් තියෙනව තමා කියලා.බලනකොට පංතියේ එකෙක්වත් තාම නගිටල නෑ.අපි තුන්දෙනා විතරක් හිටගෙන ඉන්නවා.පංතියම අපි දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා.ඒ මදිවට මැඩමුත් බලාන ඉන්නෙ හරියට අපි මැඩම්ගෙ දුව ඉල්ලුව වගේ.අනේ මැඩම් එයාගෙ සුමිහිරි වදන් පිට කරන්න ගත්තෙ නැද්ද."ආ....ඔය මෙචචර වෙල අහගෙන ඉ
ල තියෙන්නෙ"මම ඔය දැම්මෙ ටිකක් විතරයි.
එදායින් පස්සෙ කවදාවත්ම අපි ජාතික ගීයටවත් නැගිට්ටෙ නැ..
 
ප/ලි
මම ඔය දාලතියෙන ඔරලෝසුවේ සද්දේ වැඩිනම් ඔය තත්පර යන තැන උඩ කොටන්න .එතකොට සද්දේ නවතිනවා.
Comment එකක් දාල යන්න හොදේ.

3 ප්‍රතිචාර:

  1. මචන් උබල විතරක් නෙවෙ අපිත් ඕක ගහනකල් තමා බලාගෙන ඉන්නෙ....
    :D

  1. To - කුක්කු පැටියා
    ඒක ඉතින් කාගෙත් කැමතිම දේනේ....

  1. අපේ අප්පා.ඔය සද්දේ අවා කියන්නේ අම්මා අප්පා දැක්කා වගේ සතුටක් ඒන්නේ

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.