4 අපි කොහෙද නින්දේන් ඇවිදින්නේ?

Sunday, April 10, 2011
                                                                                    මුලින්ම සමාව ඉල්ලනවා ගොඩ දවසකින් Post එකක් දාන්න බැරි වීම ගැන.කොහෙද ඉතින් අපිත් ආයෙ බිසී මිනිස්සුනේ.හික්ස්..මම නොදන්න බිසිය..ඔන්න අදත් මම අරගෙන ආවා මරු කතාවක්.මේක මම Scouting කරන කාලේ වුනු සීන් එකක්.(ඔන්න ඉතින් දන්නෝ දනිති මම Scouting කරපු විදිය.)ඔය Scouting වල තියෙනවනේ එලිමහන් කදවුරු කියල ජාතියක්.ඉතින් ඔන්න අපිටත් සෙට් උනා ඔහොම එලිමහන් කදවුරක්.මෙක තිබ්බේ පල්ලෙකැලේ.ඉතිං අපේ ඉස්කෝලෙත් ඕකට සහභාගි වුනා.මේකට ඉතින් මහනුවර තියෙන හැම ඉස්කෝලෙකින්ම Scoutලා ආවා.මේ Camp එකට කියන්නෙ කැම්බරි කියලා.ඔන්න මම කතාවේ පසුබිම හැදුවා.දැන් එහෙනම් කතාව.
                                                                                  Camp එකේ දවස් දෙකක්ම දැන් ඉවර උනා.දෙවනි දවසේ ‍රැ ඉස්සේල්ලාම ඩියුටි තිබ්බේ (ඩියුටි කියන්නේ ඔය Camp දිහා ඇහ ගහගන ඉන්න එක තමා).එතකොට වෙලාව 11ට විතර ඇති.කට්ටිය සේරම නිදි.මාත් එක්ක තව පොඩි එකෙකුයි අයියා කෙනෙකුයි හිටියා.ඔන්න අපි කයියක් දාගන හිටියා.ඔහොම ටික වෙලාවක් ඉන්නකොට කූඩාරම ඇතුලේ ඉදලා අපේ එකෙක් එලියට ආවා.(අපි පොරට ආදරේට කියන්නේ පෙට්ටියා කියලා)දැන් නම් ගොඩක් කට්ටිය දන්නවා ඇති මම මේ කියන්නේ කා ගැනද කියලා.මම ඉත්න් ගිහින් බැලුවා මොකද යකෝ පොර එලියට පැන්නේ කියලා.


මම - ඇයි බං එලියට ආවේ හොදට නිඩියපන්කෝ ගිහිල්ලා.උබ නින්දේන් එහෙම නෙවේ නේ?
පෙට්ටියා - පිස්සුද බන් අපි නියම කොල්ලෝ,අපි කොහෙද නින්දේන් ඇවිදින්නේ?


                                                                                  ඔහොම කියපු එකා මෙන්න බොලේ වෙන ඉස්කෝලෙක Camp එකක් අස්සේ රින්ගනවා.ඕක දැකපු මාත් එක්ක හිටපු අයියා අපේ පෙට්ටියට දුන්නේ නැද්ද අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න කනේපාරක්.අනේ බලනකොට සිරාවටම පොර ඉදලා තියෙන්නේ නින්දෙන් තමා.අර කනේ පාරට තමා පොර ඇහැරුනේ.හොද වේලාවට පොර නින්දෙන් හිටියේ නැත්තම් අර අයියගේ අම්මා පව් නේද?

ප/ලි
ඔන්න post එකක් දාන්න පරක්කු උනාට මම දෙවනි පාරටත්  සමාව ඉල්ලනවා...මතක් කරල Comment එකක් දාල යන්න...

4 ප්‍රතිචාර:

  1. ඔව් බන්..උ නින්දේන් හිටපු හින්දා හොදයි නේ බන්.නැත්නම් අරුගේ අම්මට මහ ‍රැ කිබුහුන් යන්න ගනි නේ

  1. To - ටික්කා
    අපේ අප්පෝ දන්නවනේ ඕකගෙ කට....අම්ම නෙවේ අම්මගෙ ආච්චිත් ඉවරයි....වලේ ඉදලත් කිබුහුන් යයි.....

  1. අඩෝ මේ ලෝකෙ ඔයවගෙ බුවාල ඉන්නෙ හෙන පොඩ්ඩලු නෙ????? මමත් ඉස්සර ඔයවගේ නින්දෙන් ඇවිදලා තියෙනවා !!!

  1. To - කුක්කු පැටියා
    ඒකනේ කියන්නෙ කුක්කු පැටියෝ..එහෙනම් උබටත් හොද අත් දැකීම් ඇති නේද?ඒවත් දාපන්..

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.