8 සිල්වෙස්තරය වෙනුවෙන් යමක් කරමුද?

Sunday, April 10, 2011
                                                                        ඔන්න අදනම් මම කියන්ට යන්නේ කතාවක්,කවියක්,සිංදුවක්,නිසදැසක් එහෙම නෙවේ.අපේ මේ බ්ලොග් කෙරුවාව ගැන පුංචි විස්තරයක්.මට මේ බ්ලොග් ලියන එක ගැන පුංචි හරි කැමැත්තක් ඇති උනේ මම 10 වසරේ ඉගෙන ගන්න කාලෙ තමා.ඉතින් ඔය ආසාව හිතේ තියාගන කාලයක් හිටියා.ඔන්න ඉතින් O\L එහෙම ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්නකොට අපේ යාලුවෙක් උන බිටා මලයා සිතෙහි සිතුවම් කියලා පුංචි පහේ (පුංචිත් නෑ) බ්ලොග් එකක් පටන් අරන්.එතකොටම අපේ පසිදු මලයත් මනසේ සිරි පටන් අරගෙනෛ තිබ්බේ.ඕක දකිනකොට මටත ඔය පුංචි කැහිල්ලක් පටන් ගත්තා බ්ලොග් ලියන එක ගැන.ඉත්න් ඔන්න ඔය කැහිල්ලේ ප්‍රතිපලයක් තමා මේ කැටියගේ නවාතැන.ඒ විතරක් ද අපේ අප්පේ දැන්නේ මතක් උනේ. ඇයි අපේ කුක්කු පැටියා,පොරත් ලියනවා බ්ලොග් එකක් හිනාවෙන්න ආසයිද? එතකොට ටික්කා, ලකී මලයා කරන ලකියගේ  අඩවිය.තව ඉතිං එකි මෙකි නොකි කට්ටිය ගොඩායි.
                                                     මෙතන තියෙන විශේෂ කාරනාව තමා මම මේ සදහන් කරන සේරම බ්ලොග් කරුවන් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ 2013 A/L පන්තියේ කට්ටිය.මම හිතන්නෙ නෑ කට්ටිය මාත් එක්ක තරහා වෙයි කියලා මේව ගැන කීවට.ඉතින් මම පොඩි යෝජනාවක් ගේනවා අපේ මේ බ්ලොග් ලියන යාලුවෝ දෙතුන්දෙනාට.අපි තුන් හතර දෙනා විතරක් මෙහෙම බ්ලොග් ලියන්නේ නැතුව අපේ ඉස්කෝලේ තව ඉන්නව නේද බ්ලොග් ලියන කට්ටිය.අපි සේරම ඉතින් එකතුවෙලා මුහුනු පොතේ Fan Page එකක් එහෙම හදලා අපේ ඉස්කෝලෙ වෙනුවෙන් දෙයක් කරන්න බැරිද? සිල්වෙස්තරයේ  බ්ලොග් ලියන අයියලා මලිලා සෙර්ටම එක Group එකක් විදියට පුන්චි දෙයක් කරමුද? අපේ ඉස්කෝලේ නම ගෙනියන්ට දෙයක් කරමුද? කියන එක තමා මගේ යොජනාව.මම හිතනවා මේකට ඔයාලා හැමෝම හොද උත්තරයක් දේවි කියලා..


ප/ලි
මගේ මේ යොජනාව ගැන ඔයාලගේ අදහස කියන්න හොදේ....
අපේ අප්පා අද ලින්ක් ගාන වැඩී නෙද?

8 ප්‍රතිචාර:

  1. අන්න ඒකනම් කොල්ලෝ එල.මාත් එකටනම් කැමති

  1. To - ටික්කා
    මේකනේ මචන් වැඩේ මේකට අපි විතරක් කැමති වෙලා බෑනේ.අනිත් කස්ටියත් මේකට සෙට් වෙන්ට එපායැ....

  1. Anonymous said...:

    සිස් බං පට්ට අදහස මචන් අලුත්ම ගුරුප් එකක් පටන්ගමු අපි සැට් එක

  1. To - බිටා
    ඔව් බං අනිත් එඋන්ගෙනුත් අහල පටන් ගමු...

  1. පට්ට අයිඩියා පාර...... ඔය හදන එකෙක් ගෲප් එක හදලා මාවත් ඇඩ් කරපන්කො

  1. එළස් එළස් මචංලා..

  1. To - කුරුං ගුරුං
    බොහොම ස්තුති කම්න්ට් වලින් අපිට සප් එක දෙනවට..

  1. Unknown said...:

    හරි මචන්.එල අයිඩියා එක​.........

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.