9 කොළබ හතේ නාට්‍යක්

Sunday, April 17, 2011
                                                     කොහොමද ඉතින් අපේ කස්ටියට?මම හිතනවා කට්ටිය සුවෙන් සැපෙන් සතුටෙන් ඇති කියලා.අද මම මේ කියන්ට යන්නේ මට එහෙම වෙච්ච චාට්ර් චොර පජාත් සීන් එකක් එහෙම නෙවේයි ඔන්න.මේකත් අර අපි කොහෙද නින්දෙන් ඇවිදින්නෙ? Post එක ලියනකොට තමා මතක් උනේ.මේකත් මම Scouting කරන කාලේ සිද්ද වෙච්ච මහ චොරා සීන් කෝන් එකක්.(මතක් වෙනකොටත් විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුව)කමක් නෑ විලිලැජ්ජාව අතෙන් වහගෙන හරි මම කතාව කොටාබාන්නම්කෝ.
                                                    ඔනා අර එදා කිවා වගේම Camp එකක් යන්ට අපිට සෙට් උනා.හැබැයි මේක තිබ්බේ කොළබ විහාර මහාදේවි පර්ක් එකේ.ඔය Camp එකට මුලු මහනුරිනම ගියේ අපේ ඉස්කෝලේ විතරයි.හ්ම්..ලේසි පහසු වැඩක්ද කොළබ යනව කියන එක.ඔන්න ඉතින් වටේ  යනවා එහෙනම් කතාවට බහිමු..(බහින්ට කීවට මේක වලක් එහෙම නෙවේ)
                                                   ඔන්න ඉතින් අපිත් අනුනායක මහනායක ක‍ටුනායක වගේ ගියා Camp එකට.ඔන්න ඉතින් දෙවනි දවස.එදා හවස අපිට තිබ්බ පොඩි ගිනිමැල සන්දර්ශනයක්.ඉතින් අපේ ඉස්කෝලෙටත් කීවා මොකක් හරි නාට්ටියක් ලැහැස්ති කොරගන්ට කියලා.ඉතින් අපිත් දන්න සෙල්ලන් දාල ඔන්න නාට්ටි කට්ටක් හදාගත්තා කියමුකෝ.ඔන්න ඉතින් දැන් සෙල්ලම් පෙන්නන වෙලාව.දැන් නාට්ටිය දුවනවා.ඔය නාට්ටියේ අන්ත්මේට තිබ්බා අපි හැමෝටම බැනලා එලවන සීන් එකක් එක කරන්ට තිබ්බේ අපේ සීනියර් අයියා කෙනෙක්ට..ඔන්න ඉතින් ඔය තිරනාත්මක ,පජාත, කුක්කු පැටියගේ භාෂාවෙන් කීවොත් විසිල් එකයි බල්ටි දෙකෙයි තැනට ආවා.ඔන්න දැන් පොර බනින්ට යන්නේ..ඔන්න ඔන්න ඔන්න...."තොපි සේරම පලයවු හු**** පුතාලා" කියලා අර යකඩ කටෙන් කෑ ගැහුවෙ නැද්ද අර 500 විතර මහ සෙනග මැද්දේ.
                                                       අපිට ඉතින් උන් හිටි තැන් අමතක උනා.වැටවල් උඩින් හිටන් පැනලා දිවුවේ නැද්ද නිකන් සුස්න්තිකාගේ මල්ලිලා ටික වගේ.ඊට පහුවදාම අපි Camp එකේ සිකුරිටියටවත් කියන්නෙ නැතුව ආව එන්ට ගෙදර.

ප/ලි
වෙනදා කියන ටිකම තමා කියන්න තියෙන්නෙ...Comment එකක්දාලා යන්ට හොදේ...

මට කියන්ටකො මෙකෙ කොහොමද අබ බයන්න ගහන්නෙ කියල....

9 ප්‍රතිචාර:

  1. කොහෙද මුන්ට කටයි,පු*යි පරිස්සන් කරන් ඉන්ට බැනෙ....

  1. කතාව නම් ෆට්ටය.... සීන් එක නම් චාටර්ය.
    මචන් අඹ බයන්න ගහන්නෙ capital M අකුරෙන් !!1

  1. To - ටික්කා
    ඒකනේ බං පුරුද්දනේ.අර මොකේටදෝ වඩා පුරුද්ද ලොකුයිනේ.........

  1. To - කුක්කු පැටියා
    බොහෝම ස්තුති...'ඹ' දැන් හරි....කොමෙන්ට් එකට ස්තුති....

  1. Anonymous said...:

    ශිෆ්ට්+ එෆ්= අඹ බයන්න හරිය

  1. To - බිටා
    බොහොම ස්තුති බිටා මලයෝ.

  1. නදී said...:

    හික් හික් මරු කතාව :)

  1. To - නදී
    බොහොම ස්තුති කමෙන්ට් එකට......

  1. පව් නේ බන් අර අයියා ..........

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.