3 ආ....ඔය මෙචචර වෙල අහගෙන ඉදල තියෙන්නෙ

Wednesday, March 30, 2011
                                                                        ඉතින් කොහොමද කට්ටියටම.එදා මතකනේ ශාලාධිපතිට LTTE එකෙන් ගහපු හැටි ගැන කිවා.ඔන්න එක කියවපු නැති කට්ටිය මෙතනින් ඒක කියවන්න.සිංග්‍රිසි එකෙන් Type කරල අදත් ඔන්න ගෙනාවා නියම කතාවක්.කතාවක් කිවට කතාවක් කීවට කතාවක්ම නෙවේ.මම 10,11 පංති වල ඉන්නකොට කරපු වැඩ වගයක් ගැන තමා කියන්න යන්නෙ.මෙකෙ ඉන්නෙ මම විතරක්ම නෙවේ.
                                                                          මම 10 වසරෙදි හිටියෙ මරු ඩබලක් එක්ක.අපි උන් දෙන්නට කියන්නෙ YT , Jake කියලා.(දැන්නම් ගොඩක් කට්ටිය දන්නවා ඇති මම මේ කියන්නෙ කා ගැනද කියලා).මමත් හිටියෙ ඔය පිස්සො දෙන්න එක්ක තමා.ආආආ.........එතකොට පිස්සො තුන්දෙනයි නේද?
ඔන්න ඉතින් එක දවසක් අන්තිම කාලච්චේදේ අපිට තිබ්බෙ ඉතිහාසය.අපි තුන්දෙනා තමා පංතීයේ අන්තිම පේලියේ හිටියේ.(දන්නවනේ අන්තිම පේලියේ ඉන්න අයගැන)අපි ඉතිං ඉතිහාසය පිළිබදව පස්චාත් උපාධි ධාරියෝනේ.ඉතින් මැඩම් උගන්නනවා අපි මෙහෙ ලිද ලග සංගමේ පටන් ගත්තා.ඔන්න ඉතින් ඉස්කෝලේ ඉවර වෙන්න තව තියෙන්නෙ විනාඩි 10යි.අපි 3 දෙනා ඉතින්.පොත් එහෙම බෑග් එකට දාගන ඉන්නවා Green ලයිට් එක පත්තු වෙනකන්.(Green ලයිට් එක කිවෙ Bell එකට).ඔන්න ඉතින් අපි අහන්න ආසම අකරපු අර ලස්සන සද්දෙ ඇහුනා.අපි තුන්දෙනා දුන්නෙන් මිදුනු ඊතල වගෙ නැගිට්ටෙ නැද්ද.නැගිට්ට ගමන් තේරුනා මොකක් හරි කෝන්සීන් එකක් තියෙනව තමා කියලා.බලනකොට පංතියේ එකෙක්වත් තාම නගිටල නෑ.අපි තුන්දෙනා විතරක් හිටගෙන ඉන්නවා.පංතියම අපි දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා.ඒ මදිවට මැඩමුත් බලාන ඉන්නෙ හරියට අපි මැඩම්ගෙ දුව ඉල්ලුව වගේ.අනේ මැඩම් එයාගෙ සුමිහිරි වදන් පිට කරන්න ගත්තෙ නැද්ද."ආ....ඔය මෙචචර වෙල අහගෙන ඉ
ල තියෙන්නෙ"මම ඔය දැම්මෙ ටිකක් විතරයි.
එදායින් පස්සෙ කවදාවත්ම අපි ජාතික ගීයටවත් නැගිට්ටෙ නැ..
 
ප/ලි
මම ඔය දාලතියෙන ඔරලෝසුවේ සද්දේ වැඩිනම් ඔය තත්පර යන තැන උඩ කොටන්න .එතකොට සද්දේ නවතිනවා.
Comment එකක් දාල යන්න හොදේ.

4 තාත්තාගෙම පුතානේ

Monday, March 28, 2011
                                                                                  ඔන්න අදත් ඉතින් අලුත් කතාවක් අරගෙන ආවා.(අලුත් කිවට අලුත්මත් නෑ)කට්ටිය හොදට දන්න කතාවක්.නොදන කට්ටිය වෙනුවෙන් තමා මම මේ ලියන්නෙ.හරි මේකනම් 18+ කතාවක්.ඔය ඔතන ඉන්න 18 අඩු අය දුවල යන්න.ගිහිල්ලා අයියලාට දෙන්න.අයියලා නැති කට්ටිය අක්කලාට එහ්හෙම කියන්න එපා.ඔය ඔතන ඉන්න කුක්කු පැටියා Computer එක Off කරල දාන්න.තාම 18ට අඩුයි නේද?(අප්පට සිරි මමත් එහෙමයි නේද) එහෙනම් කුක්කු පැටියා ඔයා ඉන්න කමක් නෑ.ඔන්න මම Track පනිනව.ඔන්න එහෙනම් කතව.මේකේ ප්‍රධාන චරිතේ අපි හොදට දන්න
ඇන්ඩර්සන්.
                                                                                   ඔන්න එකමත් එක දවසක ඇන්ඩගේ නැන්ද කෙනෙක් රට ඉදල ආවලු.දැන් උනත් ඉතින් කවුරුහරි රට ඉදල එනකොට තමන්ගෙ නෑයන්ට තෑගී ගේනවනේ.ඉතින් ඇම්ඩගේ නැන්දා ඇම්ඩට ගෙනාවලු රොබෝ කෙනෙක්.මේ රොබෝ ටිකක් විශේෂ රොබෝ කෙනෙක්ලු.මොකද කවුරුහරි බොරුවක් කිවොත් අර බොරුව කියපු කෙනාට ගහනවලු අම්මා තාත්තා මතක් වෙන්නම කනේ පාරක්.(අපෙ අප්ප නිකන් දුන්නත් එපා නේද එහෙම රොබෝකෙනෙක්,කනේ පරවල් කාලම අර මොකේටද අහුවුන කජු ලෙල්ල වගේ වෙයි නේද).
                                                                                      ඉතින් ඔහොම කාලයක් ගියාලු.ඔය රොබොගෙන්  ඇම්ඩ කනේපරවල් එහෙම කැවෙ නැත්තෙත් නෑ.එක දවසක් තමා මරුම සීන එක උනේ.ඔන්න ඇම්ඩා දවසක් ටියුෂන් Class එකෙන් වලබැහැලා(ඔව් ඔව්...Class cut කරල තමා,නේද නවීන්)Film එකක් බලන්න ගිහිල්ලා.එකත් ඉතින් ආයෙ මේ 18+ Film එකක්.ඔන්න ඉතින් පොර ගෙදර එනකොට ‍රැ උනාලු.ඉතින් ඇම්ඩගෙ තාත්තා ඇහුව "කොහෙද උබ ගියේ?"කියලා.දැන් ඉතින් දීපල්ලකෝ උත්තර. ඇම්ඩ කියපි "මම මේ......Class ගියා කියලා"අනේ ඒක කියලා කට වහගන්න බැරි උනා.වැදුනෙ නැද්ද රොබෙගෙන් කනේ පාරක් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න.දැන් ඉතින් ඇම්ඩ Full ඩිම්.මම මෙතනින් එහාට දෙබසක් විදියට කියන්නම්.

තාත්තා - ආ.......දැ ඉතින් බොරු කියන්න බෑ පුතේ කියපන් ඇත්ත.
ඇම්ඩා -  මම ගියේ ‍ෆිල්ම් 1 බලන්න.
තාත්තා - මොකද්ද බලපු ‍ෆිල්ම් එක?
ඇම්ඩා - අලි පැටියෝ ඔයයි මමයි
(අනේ වැදුනෙ නැද්ද කන පුරුවල තෑගි අර රොබෝගෙන්)
තාත්තා - මට ඇත්ත කියපන් උබ බලන්න ගියේ 18+ ‍ෆිල්ම් එකක් නෙද?
ඇම්ඩ - ඔ..ඔ...ඔව්
තාත්තා - අනේ තොට ලැජ්ජහ නැද්ද යකෝ ඔවා බලන්න.අපිවත් ඔය වසට ඕව බලල නෑ....(ඩාං............)
(තාත්තාටත් තෑගී දෙන්න රොබෝ අමතක කරේ නෑ,ඔය සීන් කෝන් එක දැක්ක අම්මත් කියපි මරු කතාවක්)
අම්මා - තාත්තාගෙම පුතානේ
(අනේ....අර අහිංසක අම්මට දුන්නෙ නැද්ද කනේ පාරක් සිහිය නැති වෙන්න දවස් 7ක්)ගැහුවෙ කව්ද කියල දන්නවනේ.(ඔව් ඔව් අන්න එයා තමා)
 
ප/ලි
මේ කතාව හොද නැත්තම් එහෙම කියන්න මම ආයේ මේ වගේ එවා නොදා ඉන්නම්.
 
වෙනද වගේම Comment එකක් දාල යන්න.

2 කදුලු

Sunday, March 27, 2011
එදා මාගේ ලයට ගුලි වී
කිවු ආදර වදන් අද නැත
මගේ දෙසවන සෙවු ඒ හඩ
මංමුලා විය පාලු කතරක
දෙනෙත සොයන ඒ ඔබේ රුව
අතුරුදන් විය නොසිතු විලසට
ඔබේ සුවදට මංමුලාවු මගේ සිත
අද ගිනි ගොඩක් විය
මා කෙරූ ඒ වරද කිම විය
කදුලු සමගින් මා තවන්නට.........

ප/ලි
මෙච්චර දවස් කත ලියපු මම නිසදැස් ලියන්නත් පටන් ගත්තා.

2 හදිස්සියට දුන්න සිංග්‍රිසි

Saturday, March 26, 2011
                                                                              මම මේ ලිපිය ලියන්නෙ පොඩි හදිසසියකින්.මට මේ මතක් උන ගමන් තමා මේ ලියන්නේ.ඔය සිංහල භාශාවෙන් බ්ලොග් ලියන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.ඔයාල දැක්කද අර කුක්කු පැටියගේ බ්ලොග් එකේ සම්හරක් තැන් වල පුංචි 0 එහෙම වැටිල තිබ්බා. එකට හේතුව තමා යුනිකෝඩ් එසැනින්  පරිවර්තකයේ තියෙන ප්‍රශ්නයක්.අන්න ඒ ප්‍රශ්නයට උත්තරයක් තමා මම අරන් ආවේ.මම අන්තර්ජාලයේ සැරි සරනකොට තමා මෙක හම්බ උනේ.මෙක පොඩි Softwear කෑල්ලක්.
                                                                               ඒකෙ නම සිංග්‍රිසි (Singreesi).මමත් පාවිච්චි කරන්නේ ඔය Software එක තමා.මෙන්න මෙතනින් ඔය කැමති කට්ටිය පෝලිමේ ඇවිත් බාගන්නකො.එක විතරක් නෙවේ ඔය Software කැල්ල වැඩ කරන්න Microsoft net freme work එක ඔනේ.එකත් මෙන්න මෙතනින් පෝලිමට ඇවිත් බාගන්න.ඔන්න ඉතින් දැන්නම් කට්ටියගෙ බ්ලොග් වල 0 නැතිවේවි කියල හිතනවා.
                                                                               තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මම මේ ලොකු පොර වගේ මේක දුන්නට මේ Software  එකෙ අයිතිකරය මම නෙවේ.මෙකෙ අයිතිකාරයා තමිරගේ තීරය ලියන තමිර අයියා.එයාටත් බොහොම ස්තුතිවන්ත් වෙන්න ඔනේ.එහෙනම් හදිස්සියේ ලියපු මේ ලිපිය මෙතනින් නව්ත්තනවා.මේකෙන් ඔයාලට උදව්වක් උනානම් පොඩි Comment දාල Help එකක් දෙන්න.
ප/ලි 
ප/ලි කැල්ල නැගල යනව නේද?
මේක ගැන මොකක් හරි ප්‍රශ්නයක් උනොත් Comment මාර්ගයෙන් අහන්න.මම ලොවෙත් නැති වෙන්න කියල දෙන්නම් උත්තර.

6 ශාලාධිපතිට මැර ප්‍රහාර

                                                                             ඔන්න මම බ්ලොග් එකට දාන පලවෙනි ලිපිය.මේ කට්ටිය බලනවා ඇති මේකෙ තියෙන Photo එකයි මාතෘකාවයි ගැලපෙන්නෙ නෑනෙද කියලා.Post එක කියවන්න එතකොට හොදට තේරේයි.කනම් Funny කතාවක්.මේක සිද්ධවුනේ මම O/L කරන දවස්වල.හැබැයි මේක මට උන දෙයක් එහෙම නෙවේ.කතව කියන්න කලින් කතාවේ පසුබිම එහෙම කියල ඉන්නම්කෝ.
                                                                             මම O/L කරේ 2010 දෙසැම්බර්වල අපේ ඉස්කෝලෙම තම තිබ්බේ.ඉතින් අපිට හිටපු ශාලධිපථි මරු පොර.පොර තමා ඉතින් අපේ Bite එක.මම හිතන්නෙ පොර කාලගෝලගේ නෑයෙක්ද කොහෙද,මිනිහ ඒ තරමටම උසයි.ඔන්න දැන් කතාවට බහිමු.
                                                                            ඔන්න අපිට සිකුරාදා දවසක විභාගේ තිබ්බා.ඔයාල දන්නවනේ ඉතින් සිකුරාදට අපේ මුස්ලිම් සහෝදරයෝ පල්ලි යනව කියල.ඉතින් ඔන්න උදේ තිබ්බ ප්‍රශ්න පත්ත්‍රය ඉවරවෙලා 12 ට විතර මුස්ලිම් ළමයි ටික පල්ලි යැව්වා.අපිට ඉතින් full ජොලි.ඇයි යකෝ පැය 2ක්ම ඉන්ටර්වල්.ඔන්න ඉතින් දැන් තමා මරුම කැල්ල.අපෙ ඉස්කොලෙ තට්‍ටු 2යි.අපිට ඉති ඔය කැම එහෙම කාල ශරිර කෘත්තිය එහෙම කරන්න පහල තට්‍ටුවට යන්න ඔනෙ.ඔන්න අපේ කොල්ලෙක් උඩ තට්‍ටුවෙ ඉදල පහල තට්‍ටුවෙ ඉන්න කොල්ලෙක්ට මෙහෙම කෑගෑහුවා "මචන් මේ වතුර බොතලෙට වතුර එකක් පුරවල උඩට විසි කරපන් කෝ" කියල.ඉතින් පහල හිටපු එකා අර බොතලෙට වතුර එකක් පිරේව්වා.පහල හිටපු එකා ඉතින් කිව්වා වගේම  තියෙන සෙරම පුරුෂ ශක්තිය දාල අර බොතලේ උඩ තට්‍ටුවට විසි කරා.
ඩාං.........................
                                                                             අනේ අර වතුර බොතලේ ගිහිල්ලා අර අපේ කතාවෙ ප්‍රධනියා වෙච්ච ශාලධිපථිතුමාගේ ඔලුවටම වැදුනෙ හරියට LTTE එකේ මල්ටි බැරල් එකක් වගේ.පොරට හිටපු තැනත් අමතක උනා.අනේ අර වටේ හිටපු අහිංසක කොල්ලන්ට පොර දුන්නෙ නැද්ද 6 පරවල් ටිකක්.සන්ත් ජයසූරිය කැලේ.හැබැයි අපරාදේ කියන්න බෑ අපේ ශාලධිපථිගේ මව්තුමියටනම් නිවන් යන්ට තරම් පිං අනුමෝදන් කරන්න තරන් අර ගුටි කපු කොල්ලෝ කරුනාවන්ත උනා.අනේ අර බොතලේ විසිකරපු කොල්ලයි,බොතලේ අයිතිකාරයයි විභාගේ ඉවර වෙනකන් හොයාගන්න බැරි උනා.ඔන්න ඕකයි අද කතාව.
 
ප/ලි
ඉතින් ඔන්න මම මගේ පලවෙනි ලිපිය අද පල කරා.වෙනදා වගේම මගේ මේ ලිපියට පොඩි Comment එකක් දාල Help එකක් කරන්න.

දැන් කට්ටියටම තේරෙනවා නේද Photo එකයි මාතෘකාවයි අතර තියෙන ගැලපිම.

ඔන්න මම මුහුනු පොතේ කැටියගේ නවාතැන Page එකක් දැම්මා.මෙන්න ඒකට පාර.