10 බලාගන සීයා කකුල ලිස්සලා වැටේයි

Monday, April 18, 2011
                                                                                  ඔන්න ඉතින් අදත් කුකුලටත් ඇහැරවගෙනම ආවා පොඩි කතා පොජ්ජක් කොටාබාන්ට.(අද උදේ පාන්දරම වැද්දෙක්ගේ ඇගේ හැප්පුනා).මම මේ කියනට යන්නෙ අර කොළබ Camp එක ගිහින් එනකොට අපේ සීනියර් අයියා කෙනෙක්ට වෙච්ච චොර කේස් එකක්.ගියපාර කතාවේ හිටපු අයියාටම තමා මේක සිද්ද උනේ.(පවු නේද පොර).
                                                                                ඔන්න අපි ඔය Camp එකට ගියෙත් ආවෙත් කෝච්චියේන්.මේක සිද්ද උනේ අපි එනකොට.ඔන්න ඉතින් අපි කොළබ ඉදලා එනකොට කඩුගන්නාව ස්ටේශන් එකේදි කෝච්චිය පොඩ්ඩකට නැවත්තුවා.අපිත් ඉතින් පොඩ්ඩක් බැහැලා පරිසරේට විනාඩියක් එහෙම කොරලා ඉතින් කෝච්චිය යන්ට යනකන් පොඩි කයියක් දාගන හිටියා.
                                                                                  ඔය අතරේ කෝච්චියෙ හිටපු සීයා කෙනෙක්කුත් බැහැලා සුද්දෝ ඩබලක් එක්ක පම්පොරි ගහනවා.ඔන්න ඉතින් කෝච්චිය යන්ට හෝන් එක ගැහුවා.අපිත් ගිහිල්ලා දඩි බිඩි ගාලා නැග්ගා.ඔන්න ඉතින් අර අපේ කතවේ  ප්‍රධාන චරිතේ දැන් තමා කතාවට එන්ටර් වෙන්නේ.පොරත් ඉතින් ඔන්න කෝච්චියට නගින්ට යනකොට අර සීයා කාරයාත් ආවා නගින්ට.ඉතින් අපේ පොර වැඩිහිටියට මුල්තැන කියලා අර සීයට නගින්ට දුන්නා.ඔන්න සීයා නගිනකොට මේකා කීවේ නැද්ද කට කැඩිච්ච කතාවක්."බලාගන සීයා කකුල ලිස්සලා වැටේයි"කියලා.මෙන්න මේක කියලා කට වහගන්ට හම්බවූනේ නෑ සීයා කියපි "ඈ..මොකද්ද යකෝ කිවේ,මම වැටෙන්න,පලයන් පලයන් ප** යන්ට"කියලා තව හොද දෙකක් කීවා.(ඒවා මෙහෙම ප්‍රසිද්දියේ  කියන්ට බැ බොල)
                                                                                    ඉතින් අපේ එඋන්ට හිනා කාලා මැරෙනවා.අරුටනම් ඉතින් විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.පොර ඉතින් නුවරින් බහිනකන් විලිලැජ්ජාව අතින් වහගන ආවා.මටනම් දුකේ බෑ.කොහොමද සීයත් මරු පොර නේද?


ප/ලි
සීයගේ මුනුපුරෝ ගැන මට හිතගාන්ට පුලුවන්...නේද?
ආ..මේකට ගැලපෙන Photo එකක් හම්බ උනේ නෑ.

10 ප්‍රතිචාර:

  1. කතාව පට්ටය. සීයාගේ මුනුපුරන් ගැන කියන්නට අවශ්ය නැත. විසිල් එකයි බල්ටි දෙකයි ගැසිය යුතුය.

  1. To - කුක්කු පැටියා
    හික්ස්.....බොහොම ස්තුති කමෙන්ට් එකට...

  1. නදී said...:

    ඇ...බොලේ මෙහෙමත් සීයල.අර මක්කයි පරිසරයට විනාඩියක් කිවේ.

  1. Unknown said...:

    ෆට්ට ආ............

  1. To - නදී
    ඒකනේ පුදුම සීයලා.ආ මේ පරිසරෙට විනාඩියක් කීවේ(අඩේ ඒක මෙහෙම ප්‍රසිද්දියෙ කියන්ටත් හොද නෑ)අර නම්බර් 1 වැඩේ...අන්න ඒක තමා.

  1. To - ලකී
    බොහොම ස්තුති මචෝ කමෙන්ට් එකට.

  1. Anonymous said...:

    ඉක්කවුටික් ආතල් හෙන ගොඩක් තියාන්වා වගේ

  1. අද කාලේ සීයලට මලේ මල පනිනව නේද?

  1. To - බිටා
    අපේ අප්පා මොකද බිටෝ නැත්තේ....ඉස්සරහාට මම දෙන්නම්කෝ...ස්තුති බිටෝ කමෙන්ට් එකට....

  1. To - ගජං මල්ලි
    ඒකනේ ගජං මලෝ......අද කාලේ සීයලා ඔහොම උනාම අපි වගේ පොඩි කොල්ලෝ කොහොමද හැදෙන්නේ?

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.