11 කොල්ලෝ මුහුදට දැම්මහම ඇන්නැවේ කීවලු.

Monday, April 25, 2011
                                                                                   ඉතින් කොහොමද කට්ටියටම.ගොඩ දවසකින් බ්ලොග් එකට ගොඩවෙන්ට බැරි උනා.කොහෙද ඉතින් මේ කැටියට තියෙන්නෙ එක වැඩක් කියලද.බල්ලො නාවන්න,කොල්ලො නාවන්න රෙදි හෝදන්න.ලේසි පහසුවැඩ ද මේවා.ඔන්න ඉතින් බ්ලොග් එකේ මකුලුදැල් එහෙම පිරිලා ගන්ට දෙයක් නෑ.පැය ගානක් කට්ට කාලා ඒ ටික සුද්ද කරලා ඔන්න ලියනවා අද කතාව.
                                                                                        අද කට්ටියට කියන්ට යන්නේ මම 11 වසරේ ඉගෙන ගත්ත කාලේ ගියානේ ට්‍රිප් එකක්.ඔන්න ඔය ට්‍රිප් එක මට අමතක නොවෙන ට්‍රිප් එකක්.ඉතින් ඒකෙදි  සිද්ධ වුන මරු,චාටර්,ෆන් කතා ටිකක් තමා කියන්ට යන්නේ.
                                                                                        ඔන්න ඉතින් අපිත් හාහාපුරා කියලා ත්‍රිකුනාමලේ යන්ට තමා සෙට් උනේ.ඔන්න උදේ පාන්දර එන්ට කිවුව හින්දම ගියා ඉස්කෝලෙට.යකෝ එකෙක්වත නෑ.අඩුම තරමේ අපේ සර්වත් නෑ.ඔන්න ඉතින් 5ට නුවරින් පිටත් වෙන්ට හිටිය අපි දෙයියන්ගෙ පිහිටෙන් 6 වෙනකොට පිටත් උනා කියමුකෝ.ඒත් තව එකෙක් අඩුයි.ඔන්න ටික දුරක් යනකොට අර අඩු එකා කෝල් කරා පොඩ්ඩක් ඉන්ට අපි දැන් මග එනවා කියලා.ඔන්න ඉතින් එතනත් පැයක් විතර ඉදලා හැලිච්ච එවුන් ඇහිදගෙනම් අපි පිටත් උනා කියමුකෝ.එතන ඉදලා දවල් කෑම වෙලාව වෙනකම්ම විශේෂ දේයක් උනේ නෑ.
                                                                                        දවල් කැම එහෙම කාලා අපිටත් දැන් ආසාවේ බෑ නිලාවැලි ගිහින් නාගන්ට.ඔන්න ඉතිං නිලාවැලි යනව කියමුකො.අපේ සර් පුංචි කොස්සක් දැම්මා.නිලාවැලි යනවම් නාන්ට බෑ කියලා.දීපල්ලකෝ උත්තර.අපිත් ඉතින් අර යන්ට ඕනෙ හින්දා හා කිවා මිසක් නාගන්න ආසාව අත ඇරියේ නෑ.ඔන්න නිලාවැලි පේනවා ඈත.කට්ටියම දැන් ඉතින් ශාන්ත දාන්ත තින්ත කූඩු වගේ වෙරලට ආවා.ඇවිල්ලා ටිකක් ඉන්නකොට මෙන්න එක එකා වැටෙන්න පටන්ගත්තා දැන් ඉතින් හමෝම වැටිලා ඇගේ මඩ.ආයෙ ඉතින් ඉබ්බා දියට දැම්මාහම ඇන්නැවේ කීවලු.අපේ එඋන් මඩ හෝදාගන්ට දැන් මුහුදට පැන්නා ස්ර්ටත් කොරන්ට දෙයක් නැනේ.සරුත් ඉතින් ඔහේ බකන් නිලන් හිටියා අපේ එඋන් මඩ හෝදගෙන එනකන්.අපෙ එඋන් කොච්චර හොදට මඩ හේදුවද කීවොත් පැය 3 විතර මඩ හේදුවා.ඔන්න ඔහොමයි අපි නිලාවැලි වලින් මඩ හෝදාගත්තේ.

ප/ලි
මේ ට්‍රිප් එක ගිහිල්ලා මරු වැඩ මාර ගොඩක් උනා. ඒවා ඊලග දවසේ හොදේ..

11 ප්‍රතිචාර:

  1. Anonymous said...:

    අපිටත් මතකය් කට්ටිය තෙමිලා ඉන්න කෙල්ලෝ දිහා බලාන ගිහින් පොල් ගස්වල හැප්පුන සින්න් එහෙම...හික්
    http://sithehisithuwam.blogspot.com/2011/04/blog-post_25.html

  1. උඹ ගැන දුකේ බැ බං...උඹ තාම එක ට්‍රිප් එකද ගිහින් තියෙන්නේ????
    :P

  1. To - බීටා
    බිටා මලයට මොනව උනත් ඒවනම් මතකයි නේද?

  1. To - කුරුං ගුරුං
    පිස්සුද කුරුං ගුරුං ට්‍රිප් නම් ගිහින් තියෙනවා ඒත් එලකිරිම ට්‍රිප් එක තමා මේක..

  1. අඩෝ අපිනම් ඔය වගේ ගොන් පාර්ට් දදා හිටියෙ නෑ ! කෙලින්ම ගියා, පොතුවිල් මුහුදට පැන්නා... ආතල් එක ගත්තා.... සර් වත් අපිට සෙට් කරගත්තා ! [මම කිව්වෙ අපේ පංතිය ගිය ගමන ගැන හරිය]

  1. Unknown said...:

    අඩෝ ඔහොම තමයි බං කොල්ලොනේ.නැද්ද මං කියන්නෙ?

  1. එල එල ෆන් තමයි.....පුලුවන් නම් උණවටුනෙ ඇවිල්ල බලන්න....නිලාවැලි වලට වඩා ගොඩක් ලස්සනයි.

  1. To - කුක්කු පැටියා
    ඔන්න ඔන්න ඉතින් කුක්කු පැටියා අපිව චාටර් කරනවා..මොනවා උනත් සහයෝගයට බොහොම ස්තුති...

  1. To - Lakshan Mclaren
    අන්න ඒකනේ ලකීට විතරයි තේරුනේ......

  1. To - ගජං මල්ලී
    අනිවා ඇවිල්ලා බලන්ට ඕනේ...බොහොම ස්තුති කමෙන්ට එකට ගජං මලේ...

  1. මොනවා උනත් කොල්ලො අපේ බිටා මලයා කිව්වේ ඇත්තනේ....අපිට අමතක වේයි ඒවා

Post a Comment

හිතේන දෙයක් ලියලා යන්න.