අද මම කියන්ට යන්නෙ මම 10 වසරේ ඉන්න කාලේ අපේ මුලු පන්තියටම වෙච්ච සීන් එකක්.මට මේ කතාව මතක් උනේ කුකු පැටියගේ "පොත් දීලා තියෙන්නෙ තොපෙ කෑලි අදින්න ද?" කියන පෝස්ට් එක දැක්කට පස්සේ.
අපේ ඉස්කෝලේ ඉන්නවා 'රටහරකා' කියන උද්බිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන සර් කෙනෙක්.මිනිහගේ වැඩේ තමා උදේ පාන්දරම දොරටු පාලකයා වගේ කොන්ඩෙ වැඩි කොල්ලෝ ටික ආපහු හරවලා යවලා තට්ටේ ගාන එක.ඔය සීන් එක හින්දා අපේ කොල්ලෝ සර්ට මාර ආදරේයි.කොච්චර අදරේද කීවොත් සර්ගේ අම්මටයි තාත්තාටයි මදි නොකියන්ට පිං අනුමෝදන් කරනවා.(මම හිතන්නේ සර්ගේ අම්මයි තාත්තායි දැන් නිවන් ගිහින් වෙනට ඕනෙ ඔය පිං බලෙන්ම)
ඔන්න ඉතින් පිහිලි පනිනවා.එහෙනම් ඔන්න කතාව.ඔය රටහරකා සර් තමා අපේ පංතියට සෞඛ්‍යය හා ශාරිරික අධ්‍යාපනේ ඉගැන්නුවේ.ඔන්න ඉතින් එක දවසක් අන්තිම පීරියඩ් එකේ අපිට සෞඛ්‍යය තිබ්බා .ඩයල් එකත් ආවා.දැන් ඔන්න පීරියඩ් එකත් ඉවර උනා.ඉස්කොලේත් ඉවර වෙන්ට බෙල් එක ගැහුවා.එකපාරටම අපේ පන්තියේ එකෙක් අර සර් ගේ විද්‍යාත්මක නම කියල කෑගැහුවා.සර් කාරයට මේක මීටර් වෙලා ආව පන්තියට.පොර ඉතින් දැන් හමෝටම මෙන්න මෙහෙම බනිනවා.'කවුද යකෝ තොපේ අම්මලගේ තාත්තලාගේ නම් කියලා කෑ ගහන්නෙ' කියල.අපිට හිනා.ඇයි යකෝ අපි කිවේ සර්ගේ නමනේ.ඉතින් එතකොට රට හරකා කියන්නෙ සර් ගේ දෙමාපියෝ කියලා අපි සේරම තෙරුම් ගත්තා.එහකොට සර් තමා පොඩි රට හරකා.
ප/ලි
මට හිතෙනවා මේ කතාව මහ චාටර් කියලා...එහෙමද?
ඔයාලගේ අදහස කියන්න.

හික් හික්....පට්ට පට්ට මචන්