7 කොල්ලො මුහුදට දැම්මහම ඇන්නෑවේ Season 2

Friday, April 29, 2011
                                                                                      ඉතින් කොහොමද කස්ටියටම?මේ දවස් ටිකේ හරියට වැඩ හින්දා පොස්ට් එකක් දාන්ටවත් වෙලාවක් නෑ.දන්නවනේ ඉතින් අපිට තියෙන වැඩ.ඒ මදිවට දැන් ඔන්න උ/පෙ ටත් පංති යන්ටත් උනා.ඒවා කියලා අද ශේප් වෙන්ට බෑනේ..
                                                                                       ඔන්න එදා මම පොරොන්දු උනා වගේම කොල්ලො මුහුදට දැම්මහම ඇන්නෑවේ කතාවේ  දෙවනි කොටස අරන් ආවා.අද මම කියනට යන්නේ අපි ට්‍රිප් එක ගොහින් ආපු විදිය ගැනයි.
                                                                                       එදා මම කීවා වගේ  ඔන්න අපි 3ට 4ට විතර මඩ හෝදගෙන ගෙවල් දොරවල් බලා පිටත් උනා.අපේ එඋන් සේරම හිටියේ කලඩ් කිටට බැහැලා.ඔන්න ඉතින් අපි සිංදු  කවි කර කර ආවා.අපේ එකෙක් ඇද ගන්ට ඇදුමක් නැතුව හරි,වෙන මොකක් හරි කේස් එකකට හරි පෝර ඇදගෙන හිටීයේ ටවල් එකක්.අනේ මම දන්නේ නෑ මුන්ගේ ලැජ්ජහා නහරේ කැපුවේ කවුද කියලා.පුදුම එඋන් තමා.ඔන්න ඔය ඩයල් එක කිසිම ලැජ්ජහවක් නැතුව අර ටවල් එක පිටින්ම කඩේකට ගිහිල්ලා ප්ලේන්ටියකුත් ගහලා ආවේ නැද්ද.අන්තිමේට අපිට තමා විලි ලැජ්ජාව අතින් වහගෙන එන්ට උනේ.ඔන්න ඔය අතරේ අපිත් එක්ක ආපු එකෙක් දඹුල්ල  හරියෙදි බාහින්ට හිටියා.ඉතින් අපේ එඋන් පොරට ලස්සන සමුගැනීමේ සංග්‍රහයකුත් ලැහැස්ති කරා.වෙන මොකුත් නෙවේ හොදට නාවලා තමා ඒකව අපි දඹුල්ලෙන් බැස්සුවේ.පොර කොච්චර හොදයි ද කීවොත් තමාව නාවපු එවුන්ගේ අම්මලා තාත්තලාට විතරක් නෙවේ හත්මුතු පරම්පරාවටම පිං  අනුමෝදං කරල තමා එතනින් පිටත් උනේ.
                                                                                       ඔය අතරේ ඉතින් අපේ ඔය ඉන්නේ නාහෙට අහන්නේ නැති අයියලා ටිකක්.මුන් ටික ඉතින් ශෝ එකටත් එක්ක ඔන්න ෆුට් බෝඩ් එකට බැස්සා.අපේ සරුත් ඉතින් මුනට නොවදිනා වැදුම් වදිනවා ෆුට් බෝඩ් එකේ යන්ට එපා කියලා.කොහෙද මුන් ඒක වම් කනෙන් අහලා වම් කනෙන්ම පිට කරනවා.ඔය අතරෙදි තමා අපේ අයියලා ටික ෆුට් බෝඩ් එකේ ගිහිල්ල්ලා පොලිසියේ අයියලා ටිකකට මාට්‍ටු උනේ.එතනදිත් අපේ අහිංසක සර්ට තමා හොදට අහගන්ට උනේ.වේලාවකට සර් පව් කියලත් හිතෙනවා.මොනවා කොරන්ටද.ඔන්න ඉතින් අපි කොහොම කොහොම හරි අතපය කඩාගන්නෙ නැතුව ඉස්කෝලෙටම ආවා කියමුකෝ.දැන් තමා බරපතලම සීන් එක  සිද්ද වෙන්නේ...දැන්නම් ඒක කියන්ට බැහැ..තරහා ගන්ට එපා.ඊලග කතාවේදි මම ඒක ගැන කියන්නම් හොදේ...


ප/ලි
අදනම් කතාව පොඩ්ඩක් චා වගේ කියල හිතෙනවා..මොකද ඔයාලා කියන්නේ?

11 කොල්ලෝ මුහුදට දැම්මහම ඇන්නැවේ කීවලු.

Monday, April 25, 2011
                                                                                   ඉතින් කොහොමද කට්ටියටම.ගොඩ දවසකින් බ්ලොග් එකට ගොඩවෙන්ට බැරි උනා.කොහෙද ඉතින් මේ කැටියට තියෙන්නෙ එක වැඩක් කියලද.බල්ලො නාවන්න,කොල්ලො නාවන්න රෙදි හෝදන්න.ලේසි පහසුවැඩ ද මේවා.ඔන්න ඉතින් බ්ලොග් එකේ මකුලුදැල් එහෙම පිරිලා ගන්ට දෙයක් නෑ.පැය ගානක් කට්ට කාලා ඒ ටික සුද්ද කරලා ඔන්න ලියනවා අද කතාව.
                                                                                        අද කට්ටියට කියන්ට යන්නේ මම 11 වසරේ ඉගෙන ගත්ත කාලේ ගියානේ ට්‍රිප් එකක්.ඔන්න ඔය ට්‍රිප් එක මට අමතක නොවෙන ට්‍රිප් එකක්.ඉතින් ඒකෙදි  සිද්ධ වුන මරු,චාටර්,ෆන් කතා ටිකක් තමා කියන්ට යන්නේ.
                                                                                        ඔන්න ඉතින් අපිත් හාහාපුරා කියලා ත්‍රිකුනාමලේ යන්ට තමා සෙට් උනේ.ඔන්න උදේ පාන්දර එන්ට කිවුව හින්දම ගියා ඉස්කෝලෙට.යකෝ එකෙක්වත නෑ.අඩුම තරමේ අපේ සර්වත් නෑ.ඔන්න ඉතින් 5ට නුවරින් පිටත් වෙන්ට හිටිය අපි දෙයියන්ගෙ පිහිටෙන් 6 වෙනකොට පිටත් උනා කියමුකෝ.ඒත් තව එකෙක් අඩුයි.ඔන්න ටික දුරක් යනකොට අර අඩු එකා කෝල් කරා පොඩ්ඩක් ඉන්ට අපි දැන් මග එනවා කියලා.ඔන්න ඉතින් එතනත් පැයක් විතර ඉදලා හැලිච්ච එවුන් ඇහිදගෙනම් අපි පිටත් උනා කියමුකෝ.එතන ඉදලා දවල් කෑම වෙලාව වෙනකම්ම විශේෂ දේයක් උනේ නෑ.
                                                                                        දවල් කැම එහෙම කාලා අපිටත් දැන් ආසාවේ බෑ නිලාවැලි ගිහින් නාගන්ට.ඔන්න ඉතිං නිලාවැලි යනව කියමුකො.අපේ සර් පුංචි කොස්සක් දැම්මා.නිලාවැලි යනවම් නාන්ට බෑ කියලා.දීපල්ලකෝ උත්තර.අපිත් ඉතින් අර යන්ට ඕනෙ හින්දා හා කිවා මිසක් නාගන්න ආසාව අත ඇරියේ නෑ.ඔන්න නිලාවැලි පේනවා ඈත.කට්ටියම දැන් ඉතින් ශාන්ත දාන්ත තින්ත කූඩු වගේ වෙරලට ආවා.ඇවිල්ලා ටිකක් ඉන්නකොට මෙන්න එක එකා වැටෙන්න පටන්ගත්තා දැන් ඉතින් හමෝම වැටිලා ඇගේ මඩ.ආයෙ ඉතින් ඉබ්බා දියට දැම්මාහම ඇන්නැවේ කීවලු.අපේ එඋන් මඩ හෝදාගන්ට දැන් මුහුදට පැන්නා ස්ර්ටත් කොරන්ට දෙයක් නැනේ.සරුත් ඉතින් ඔහේ බකන් නිලන් හිටියා අපේ එඋන් මඩ හෝදගෙන එනකන්.අපෙ එඋන් කොච්චර හොදට මඩ හේදුවද කීවොත් පැය 3 විතර මඩ හේදුවා.ඔන්න ඔහොමයි අපි නිලාවැලි වලින් මඩ හෝදාගත්තේ.

ප/ලි
මේ ට්‍රිප් එක ගිහිල්ලා මරු වැඩ මාර ගොඩක් උනා. ඒවා ඊලග දවසේ හොදේ..

10 කවුද යකෝ තොපේ අම්මලගේ තාත්තලාගේ නම් කියලා කෑ ගහන්නෙ

Tuesday, April 19, 2011
                                                                                        අද මම කියන්ට යන්නෙ මම 10 වසරේ ඉන්න කාලේ අපේ මුලු පන්තියටම  වෙච්ච සීන් එකක්.මට මේ කතාව මතක් උනේ කුකු පැටියගේ "පොත් දීලා තියෙන්නෙ තොපෙ කෑලි අදින්න ද?" කියන පෝස්ට් එක දැක්කට පස්සේ.
                                                                                         අපේ ඉස්කෝලේ ඉන්නවා 'රටහරකා' කියන උද්බිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන සර් කෙනෙක්.මිනිහගේ වැඩේ තමා උදේ පාන්දරම දොර‍ටු පාලකයා වගේ කොන්ඩෙ වැඩි කොල්ලෝ ටික ආපහු හරවලා යවලා තට්ටේ ගාන එක.ඔය සීන් එක හින්දා අපේ කොල්ලෝ සර්ට මාර ආදරේයි.කොච්චර අදරේද කීවොත් සර්ගේ අම්මටයි තාත්තාටයි මදි නොකියන්ට පිං අනුමෝදන් කරනවා.(මම හිතන්නේ සර්ගේ අම්මයි තාත්තායි දැන් නිවන් ගිහින් වෙනට ඕනෙ ඔය පිං බලෙන්ම)
                                                                                      ඔන්න ඉතින් පිහිලි පනිනවා.එහෙනම් ඔන්න කතාව.ඔය රටහරකා සර්  තමා අපේ පංතියට සෞඛ්‍යය හා ශාරිරික අධ්‍යාපනේ ඉගැන්නුවේ.ඔන්න ඉතින් එක දවසක් අන්තිම පීරියඩ් එකේ අපිට සෞඛ්‍යය තිබ්බා .ඩයල් එකත් ආවා.දැන් ඔන්න පීරියඩ් එකත් ඉවර උනා.ඉස්කොලේත් ඉවර වෙන්ට බෙල් එක ගැහුවා.එකපාරටම අපේ පන්තියේ එකෙක් අර සර් ගේ විද්‍යාත්මක නම කියල කෑගැහුවා.සර් කාරයට මේක මීටර් වෙලා ආව පන්තියට.පොර ඉතින් දැන් හමෝටම මෙන්න මෙහෙම බනිනවා.'කවුද යකෝ තොපේ අම්මලගේ තාත්තලාගේ නම් කියලා කෑ ගහන්නෙ' කියල.අපිට හිනා.ඇයි යකෝ අපි කිවේ සර්ගේ නමනේ.ඉතින් එතකොට රට හරකා කියන්නෙ සර් ගේ දෙමාපියෝ කියලා අපි සේරම තෙරුම් ගත්තා.එහකොට සර් තමා පොඩි රට හරකා.


ප/ලි
මට හිතෙනවා මේ කතාව මහ චාටර් කියලා...එහෙමද?
ඔයාලගේ අදහස කියන්න.

10 බලාගන සීයා කකුල ලිස්සලා වැටේයි

Monday, April 18, 2011
                                                                                  ඔන්න ඉතින් අදත් කුකුලටත් ඇහැරවගෙනම ආවා පොඩි කතා පොජ්ජක් කොටාබාන්ට.(අද උදේ පාන්දරම වැද්දෙක්ගේ ඇගේ හැප්පුනා).මම මේ කියනට යන්නෙ අර කොළබ Camp එක ගිහින් එනකොට අපේ සීනියර් අයියා කෙනෙක්ට වෙච්ච චොර කේස් එකක්.ගියපාර කතාවේ හිටපු අයියාටම තමා මේක සිද්ද උනේ.(පවු නේද පොර).
                                                                                ඔන්න අපි ඔය Camp එකට ගියෙත් ආවෙත් කෝච්චියේන්.මේක සිද්ද උනේ අපි එනකොට.ඔන්න ඉතින් අපි කොළබ ඉදලා එනකොට කඩුගන්නාව ස්ටේශන් එකේදි කෝච්චිය පොඩ්ඩකට නැවත්තුවා.අපිත් ඉතින් පොඩ්ඩක් බැහැලා පරිසරේට විනාඩියක් එහෙම කොරලා ඉතින් කෝච්චිය යන්ට යනකන් පොඩි කයියක් දාගන හිටියා.
                                                                                  ඔය අතරේ කෝච්චියෙ හිටපු සීයා කෙනෙක්කුත් බැහැලා සුද්දෝ ඩබලක් එක්ක පම්පොරි ගහනවා.ඔන්න ඉතින් කෝච්චිය යන්ට හෝන් එක ගැහුවා.අපිත් ගිහිල්ලා දඩි බිඩි ගාලා නැග්ගා.ඔන්න ඉතින් අර අපේ කතවේ  ප්‍රධාන චරිතේ දැන් තමා කතාවට එන්ටර් වෙන්නේ.පොරත් ඉතින් ඔන්න කෝච්චියට නගින්ට යනකොට අර සීයා කාරයාත් ආවා නගින්ට.ඉතින් අපේ පොර වැඩිහිටියට මුල්තැන කියලා අර සීයට නගින්ට දුන්නා.ඔන්න සීයා නගිනකොට මේකා කීවේ නැද්ද කට කැඩිච්ච කතාවක්."බලාගන සීයා කකුල ලිස්සලා වැටේයි"කියලා.මෙන්න මේක කියලා කට වහගන්ට හම්බවූනේ නෑ සීයා කියපි "ඈ..මොකද්ද යකෝ කිවේ,මම වැටෙන්න,පලයන් පලයන් ප** යන්ට"කියලා තව හොද දෙකක් කීවා.(ඒවා මෙහෙම ප්‍රසිද්දියේ  කියන්ට බැ බොල)
                                                                                    ඉතින් අපේ එඋන්ට හිනා කාලා මැරෙනවා.අරුටනම් ඉතින් විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.පොර ඉතින් නුවරින් බහිනකන් විලිලැජ්ජාව අතින් වහගන ආවා.මටනම් දුකේ බෑ.කොහොමද සීයත් මරු පොර නේද?


ප/ලි
සීයගේ මුනුපුරෝ ගැන මට හිතගාන්ට පුලුවන්...නේද?
ආ..මේකට ගැලපෙන Photo එකක් හම්බ උනේ නෑ.

9 කොළබ හතේ නාට්‍යක්

Sunday, April 17, 2011
                                                     කොහොමද ඉතින් අපේ කස්ටියට?මම හිතනවා කට්ටිය සුවෙන් සැපෙන් සතුටෙන් ඇති කියලා.අද මම මේ කියන්ට යන්නේ මට එහෙම වෙච්ච චාට්ර් චොර පජාත් සීන් එකක් එහෙම නෙවේයි ඔන්න.මේකත් අර අපි කොහෙද නින්දෙන් ඇවිදින්නෙ? Post එක ලියනකොට තමා මතක් උනේ.මේකත් මම Scouting කරන කාලේ සිද්ද වෙච්ච මහ චොරා සීන් කෝන් එකක්.(මතක් වෙනකොටත් විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුව)කමක් නෑ විලිලැජ්ජාව අතෙන් වහගෙන හරි මම කතාව කොටාබාන්නම්කෝ.
                                                    ඔනා අර එදා කිවා වගේම Camp එකක් යන්ට අපිට සෙට් උනා.හැබැයි මේක තිබ්බේ කොළබ විහාර මහාදේවි පර්ක් එකේ.ඔය Camp එකට මුලු මහනුරිනම ගියේ අපේ ඉස්කෝලේ විතරයි.හ්ම්..ලේසි පහසු වැඩක්ද කොළබ යනව කියන එක.ඔන්න ඉතින් වටේ  යනවා එහෙනම් කතාවට බහිමු..(බහින්ට කීවට මේක වලක් එහෙම නෙවේ)
                                                   ඔන්න ඉතින් අපිත් අනුනායක මහනායක ක‍ටුනායක වගේ ගියා Camp එකට.ඔන්න ඉතින් දෙවනි දවස.එදා හවස අපිට තිබ්බ පොඩි ගිනිමැල සන්දර්ශනයක්.ඉතින් අපේ ඉස්කෝලෙටත් කීවා මොකක් හරි නාට්ටියක් ලැහැස්ති කොරගන්ට කියලා.ඉතින් අපිත් දන්න සෙල්ලන් දාල ඔන්න නාට්ටි කට්ටක් හදාගත්තා කියමුකෝ.ඔන්න ඉතින් දැන් සෙල්ලම් පෙන්නන වෙලාව.දැන් නාට්ටිය දුවනවා.ඔය නාට්ටියේ අන්ත්මේට තිබ්බා අපි හැමෝටම බැනලා එලවන සීන් එකක් එක කරන්ට තිබ්බේ අපේ සීනියර් අයියා කෙනෙක්ට..ඔන්න ඉතින් ඔය තිරනාත්මක ,පජාත, කුක්කු පැටියගේ භාෂාවෙන් කීවොත් විසිල් එකයි බල්ටි දෙකෙයි තැනට ආවා.ඔන්න දැන් පොර බනින්ට යන්නේ..ඔන්න ඔන්න ඔන්න...."තොපි සේරම පලයවු හු**** පුතාලා" කියලා අර යකඩ කටෙන් කෑ ගැහුවෙ නැද්ද අර 500 විතර මහ සෙනග මැද්දේ.
                                                       අපිට ඉතින් උන් හිටි තැන් අමතක උනා.වැටවල් උඩින් හිටන් පැනලා දිවුවේ නැද්ද නිකන් සුස්න්තිකාගේ මල්ලිලා ටික වගේ.ඊට පහුවදාම අපි Camp එකේ සිකුරිටියටවත් කියන්නෙ නැතුව ආව එන්ට ගෙදර.

ප/ලි
වෙනදා කියන ටිකම තමා කියන්න තියෙන්නෙ...Comment එකක්දාලා යන්ට හොදේ...

මට කියන්ටකො මෙකෙ කොහොමද අබ බයන්න ගහන්නෙ කියල....